සංචාරක නවසීලන්ත පිලට එරෙහිව පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිවුවැනි සහ පස්වැනි තරග සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදු නොකිරීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. දෙරට අතර තරග පහකින් පැවැත්වෙන එක්දින තරගාවලිය තරග 2/0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි. තරගාවලියේ අවසන් තරග දෙක හෙට (10) සහ මෙම 12 වැනිදා හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. සිවුවැනි සහ පස්වැනි තරග සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, ශාමින්ද එරංග, උපුල් තරංග, රංගන හේරත්, අකිල ධනංජය සහ තරිඳු කෞෂාල්
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ්රී ලංකා එක්දින සංචිතයේ වෙනසක් නෑ
චන්ද්‍රසිරි Friday, 09 November 2012 05:46 PM
ඔන්න ඕකත් දිනලා දාන්න. (නි)