IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රී ලංකාව තව පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන එස් ඇන්ඩ් පී සමාගම  ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම 'ඩී' දක්වා පහත දැමූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.'ඩි' ශ්‍රේණි ගත කිරීමෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා මුදල සහ පොලිය ගෙවීම පැහැර හරින බවයි.

මෙම වසර මුලදී බැඳුම්කර සඳහා ගෙවීම් පැහැර හරින ලද ශ්‍රී ලංකාව පුද්ගලික ණය හිමියන්ගෙන් මේ දක්වා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 12 ක මුදලක් ණයට ගෙන තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දුන්නේය.

එස් ඇන්ඩ් පී සමාගම බැඳුම්කර සඳහා ලබා දෙන පහළම ශ්‍රේණිය 'ඩි' වේ. ආයෝජකයින්ගේ අවධානය දිනා ගැනීමට ඉහල පොලී අනුපාතයක් පිරිනමනු ලැබුවත් 'ඩි' ශ්‍රේණියේ බැඳුම්කර ඉහල අවදානමක් සහිත ආයෝජන කලාපයට අයිති වේ. 'ඩි' ශ්‍රේණියේ බැඳුම්කරවල ඉහල අවදානමක් තිබීම හේතුවෙන් එහි ආයෝජනය කිරීමට ඇතැම් ආයෝජකයන් අකමැත්තක් දක්වයි.

 



අදහස් (4)

ශ්‍රී ලංකාව තව පහළට

Chandima Tuesday, 16 August 2022 04:22 AM

ඕන ශ්‍රේණියක් දාගන්න කියලා ගත්තු එව්වට පොල්ල තියලා හම්බවෙන තුට්ටු දෙක ඉතුරු කරගන්න බලමු. දැන් උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 August 2022 08:44 AM

රට බංකොලොත් කලා. ණය ගෙවා දැමීමට රටේ මුදල් නැහැ.සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වූ අය දේශපාලනයට ආවාට පසු මහා පරිමාණ ධන සම්භාරයක් උපයාගෙන.මේ මුදල් කෙසේ උපයා ගත්තේ දැයි සොයා බැලිය යුතුයි.ඒත් මේ රටේ එසේ වෙන්නේ නැහැ.එසේ සොයා බලා එම මුදල් අයථා ලෙස උපයා ගත්තේ නම් ඒවා රාජසන්තක කොට ඒවායින් ණය ගෙවා දැමීමට පියවර ගැනීමට පුළුවන් නොවේද ?

:       0       11

senaTuesday, 16 August 2022 02:14 PM

කියලා වැඩක් නෑ පාලකයෝ දෙපැත්තක් බෙදිලා මාරුවෙ මාරුවට රට හොරා කනවා

:       0       1

fairoos Tuesday, 16 August 2022 12:38 PM

රට මේ තත්වයට පත්කරපු නන්දසේන ඇතුළු නැදෑ සනුහරේටම හොඳක් වෙන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site