(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව පිළිබඳ තවමත් සෑහීමකට පත්විය නොහැකි බවත් තවමත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා මහා පරිමාණ විරෝධතා පැවැත්වෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සාමාජික සාමාජිකාවන් පිරිසක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය වෙත යැවූ ලිපියක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවී තිබෙන ආහාර,ඖෂධ සහ ඉන්ධන හිඟය පිළිබඳ තමන් දැඩි කණස්සල්ලට පත්ව ඇති බව එම කොංග්‍රස් සාමාජිකයන් 10 දෙනා යැවූ ලිපියේ සඳහන් වේ.
ශ්‍රී ලාංකිකයන් හට සහාය වීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තම්න්තුව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශය ගෙන ඇති ක්‍රියාමර්ග පිළිබඳව සතුටට පත්වෙන නමුත් ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට එල්ල වී ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයන්ට සහාය වීමට කඩිනමින් අමතර ක්‍රියාමාර්ග ගන්නා ලෙස කොංග්‍රස් සාමාජිකයින් 10 දෙනා එම ලිපිය මගින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතාගෙන් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මියගෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ශ්රී ලංකාව ගමන් මඟ හොඳ නෑ‘‘
sharm warn Monday, 22 August 2022 09:49 AM
ඔයාලට කලින් අපි ඒක දැක්කේ..ඒ නිසයි අරගලයක් පටන් ගත්තේ නැතුව වෙන වැඩක් නැති නිසා අව්ව තපින්න ගොඨා ගෝ ගම හැදුවේ නැ.අද අරගලයට මුල් වෙච්ච කරුණු අමතක උදවිය හෙට අනිද්දා වෙද්දි ආයෙමත් බලෙන්ම පාරට එයි.ජීවන වියදම දෙගුන වෙලා තියෙන්නේ කියලා .
සෙනෙවිරත්න Monday, 22 August 2022 09:57 AM
රාජ්‍ය විරෝධකරුවන් සහ ප්‍රතිසංස්කරන ඉල්ලා උද්ඝෝෂණ කරන අය මේ දැන් කරන විදියට මර්ධනය කරන්න ගියොත් කවදාවත් එය අවසන් කල නොහැකි වනු ඇත. රජයට සාමකාමි උද්ඝෝෂණ මැඩලීමට කිසිදු නීතිමය අයිතියක් නොමැති අතර හිතුවක්කාර ලෙස එසේ කල හොත් රජයට ද ඉන් කිසිම වාසියක් නොවනු ඇත. සමහර විට පොහොට්ටු සාමාජිකයන් පිනවා තැබීම පමණක් වනු ඇත. තව තවත් ජාත්‍යන්තරව කොන් වීමෙන් තත්ත්වය වඩාත් දරුණු වීමේ විශම චක්‍රය ජයගනු ඇත.
Bunny Preena Monday, 22 August 2022 11:29 AM
ළඟදීම බලාපොරොත්තුවන්න "මෙගා අරගල අංක 03"
ravin Monday, 22 August 2022 12:07 PM
ආන් ඒගොල්ලන්ට තේරිලා. නැවතත් kaputaas hit the plen වෙන්නයි යනනේ. කපුටා අයත් වෙන්නේ. කසල සුද්ද කරන හෙවත් අපද්‍රව්‍යවලට ගිජු සත්ව කොට්ඨාශයටයි. නරි හා බල්ලනුත් එම කොටසටම අයිත්යි.
fairoos Monday, 22 August 2022 12:21 PM
වහාම ඡන්දයක් තියලා අලුත් ආණ්ඩුවක් හදන්න ඉන්න 225 ම තොලොංචිවෙලා ගියොත් තමයි ලංකාවට සෙත.