IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ගවේෂණය අරඹයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ මුහුදු තීරය කොටස් 900 ක පමණ ඇති ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු කිරීමට ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කර නිකුත් කළ බවත් ඒ අනුව එම අධිකාරිය කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යංශය කියයි.



අදහස් (8)

ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ගවේෂණය අරඹයි

jayasekara Friday, 13 January 2023 02:10 PM

මම ඉස්කෝලෙ ගිය අවුරුදු 13 පුරාවටම අහපු එකක්. තාමත් අහනවා. අනේ මෙහෙමත් රටක්...

:       2       30

Gkss Friday, 13 January 2023 02:13 PM

ජාතික ආරක්ෂාව සහ රණවිරුවෝ, බුද්ධාගම, ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත්... මෙතෙක් කල් සිදුවුණා වගේම බහුතරයක් වූ හෙළයින් ඇන්දවීමට අවශ්‍ය කරුණු ටික ලස්සනට පෙළගැහෙනවා. කලින් වතාවේ විරුවා ගේන්න සුරංගනා කථා කියපු කාලේ එක පොරක් විරිත්ත දාගෙන කිව්වේ අපේ රටේ ඛනිජ සම්පත්වලින් රටේ ඔක්කොම ණය ගෙවනවා කියලා. අන්තිමේදී විරුවා නම් දැන් සවාරියක් දාලා ඉන්නවා.. කියපු කෙනා ආයේ විරිත්ත දාගෙන හෙලිකොප්ටරේක නැගලා එනවා ආයෙත් රට බේරාගන්න.

:       3       17

Hira Friday, 13 January 2023 02:29 PM

කියව කියවා ඉන්නේ නැතිව ඉක්මණට හාරන්න පටන් ගනිල්ලා. අපිට මෙහෙම ටැක්ස් ගෙවන්න බැහැ.

:       1       16

sharm warnFriday, 13 January 2023 03:17 PM

අනේ අපි නම් ඔය සින්දුව අහලා අහලා කට පාඩමින් දන්නවා. ඡන්දෙ කාලෙට කියන ගීයක් කියලා...

:       0       13

sharm warn Friday, 13 January 2023 02:35 PM

ආ... සුපුරුදු ඡන්ද ගුණ්ඩු ගීතය... ඉතින් එන්න අපි ඇඳගනිමු පරණ පුරුදු සීතාම්බර සළු...

:       0       14

මුදියන්සේ... Friday, 13 January 2023 03:23 PM

කඩිනමින් අරඹන්න. ප්‍රතිඵල සුබ වේවා..!!! 

:       3       5

Sarathchandra Friday, 13 January 2023 03:42 PM

2011 නොවැම්බරයේදී ශ්‍ර්‍රී ලංකාවෙන් ඛනිජ තෙල් කියලා ලිපියක් සුරගුරු සඟරාවේ 211 ජූලි -අගෝස්තු කලාපයේ පලවී තිබුණා එම ලිපිය කියෙව්වාම ජ්‍යොතිෂවේදීන් කියන්නේ සමහර පක්ෂ රජ කරන්න කටයුතු කරන අයද කියලා හිතෙනවා... එක් පංතියක් පැවැත් වූ ගුරුතුමකු ගෝලයින්ට සංගමය පිහිටුවන්න කිව්වේ ශ්‍රී ලංකා නිදහස් ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමය කියලා... ඔහු 2015 ජනාධිපතිවරණය සඳහාත් එවකට හිටපු ජනාධිපති වෙනුවෙන් සංගමයේ අනුශාසක ලෙසට ලොකු ප්‍රචාරයක් ගෙන ගියා... මුලින් මම කියපු සඟරාවේ උපදේශක මණ්ඩලයේ ඔහු නැතත් පාලකයාගේ වාසනාවකට ලංකා බිමෙන් තෙල් ලැබෙනවා කියලා සඟරාවේ පලකළ පිරිසේ කෙනෙක් ගැන නම් 2015 ජනවාරියේ රටම දැනගත්තා නේද?

:       0       7

siri Friday, 13 January 2023 05:17 PM

ඡන්දයක් ළංවෙනකොට කොහෙන් හරි තෙල් මතුවෙනවා. ඡන්දෙ ඉවර වුණාම ණයට අරගෙන තිබුණු තෙල් ටිකටත් වෙච්චි දෙයක් නෑ..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 238 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site