IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාව නංවන්න චීන රජයෙන් ආධාර රැසක්

ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා දියුණුව සඳහා චීනයේ දායකත්වය ලබාදීමට එරට ක‍්‍රීඩා ඇමැති ලියු පින්ග් මහතා එකඟතාව පළ කර තිබේ. 2008 වසරේදී දෙරට අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුමට අනුව චීනයෙන් මෙම සහයෝගය ශ්‍රී ලංකාවට දිගටම ලබා දෙන බවත් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග කොළඹදී පැවැති සාකච්ඡුාවකදී එකඟතාව පළ කර තිබේ. මලල ක‍්‍රීඩාව, පිහිනුම්, වූෂු, ඉලක්කයට වෙඩි තැබීම, බැඞ්මින්ටන් සහ මේසපන්දු යන ක‍්‍රීඩා සඳහා චීනයෙන් පුහුණුකරුවන් ලබාදීමට චීන ක‍්‍රීඩා අමාත්‍යංශයේ එකඟත්වය එහිදී පළකර තිබේ. චීනයේ විදේශ හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් ක‍්‍රීඩා උපකරණ තොගයක් මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලබාදීමට ද එහිදී කැමැත්ත පළකර තිබේ. නුවරඑළියේ ඉහළ උන්නතාංශ මලල ක‍්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අවශ්‍ය ආධාර ලබාගැනීම සම්බන්‍ධයෙන් ඉදිරිපත් කළ ව්‍යාපෘතිය පිළිබඳව චීන විදේශ හා වාණිජ කටයුතු අමාත්‍යංශය සමග සාකච්ඡා කරන බවද එහිදී චීන ක‍්‍රීඩා ඇමැතිවරයා දැනුම්දී තිබේ. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් චීනයේ ක‍්‍රීඩා ඇමැති ලියු පින්ග් මහතාට සමරු තිළිණයක් පිරිනමන ලද අවස්ථාව.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාව නංවන්න චීන රජයෙන් ආධාර රැසක්

වරුණ Wednesday, 26 September 2012 12:48 PM

ක්‍රිකට් ඉන්දියාවට විකුණල ඉතිරි ටික චීනෙට දෙමු..(ස)

:       0       0

ෂෙරීෆ් Wednesday, 26 September 2012 09:38 PM

වාසනාවන්ත ක්‍රීඩා ඇමතිවරයෙක්. (නි)

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 27 September 2012 02:55 PM

හොඳ ඉල්ලමක් පෑදුනේ , වටිනා නානාප්ප්‍රකාර ගල් ලැබෙන්නත් පුලුවන්..(ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 26 September 2012 04:42 PM

අපි දන්නවා හොරේ. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 27 September 2012 12:28 PM

වූෂු ක්‍රිඩාව නංවන්න නම් අරයා ඉන්නකම් බෑ. ඒක මහින්දානන්ද මහත්තයා දන්නවද දන්නෙ නෑ නේද?(ස)

:       0       0

සේනානායක Wednesday, 26 September 2012 11:57 PM

ඇමතිතුමනි, කොහොමහරි ක්‍රීඩාවත් ගොඩදාගන්න බලමු. (නි)

:       0       0

අනිල් Thursday, 27 September 2012 12:18 AM

ඔය දේවල් වලින් මතක හිටින පවතින වැඩක් කළොත් තමයි හොද. "ඒ කියන්නේ ක්‍රීඩාවට හොදේ. (නි)

:       0       0

සිල්වා Wednesday, 26 September 2012 11:07 AM

ජනතා මුදල් නාස්ති නොකර ක්‍රීඩාව දියුණු කරාට කමක් නෑ..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site