IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ‍්‍රී ලංකාව කඩුලූ 8 ක පහසු ජයක් ලබයි

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (23) පැවැති පළමු තරගයෙන් (දිවා/රාත‍්‍රි) ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 8 ක පහසු ජයක් ලැබීය.

ශ‍්‍රී ලංකා පිල ලකුණු 238 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 35.4 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. විදුලිය බිද වැටීමෙන් පැයයි, විනාඩි 39 ක් අපතේ යෑමෙන්  ඕවර 9 ක් අඩු කිරීම නිසා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ශ‍්‍රී ලංකාවට  ඕවර 41 කදී ලකුණු 238 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය.

කුසල් ජනිත් සහ තිලකරත්න ඩිල්ෂාන් වේගවත් ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ල සදහා අධිවේගි  ඕවර 12 අවසන් වන විට ලකුණු 106 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.

යොවුන් පිතිකරු කුසල් ජනිත්, පේ‍්‍රක්‍ෂකයන්ට 90 දශකයේ අග භාගයේ සනත් ජයසූරියගේ පිතහරඹය සිහියට නන්වමින් පන්දු 35 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 42 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

තිලකරත්න ඩිල්ෂාන් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 108 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 113 ක් රැස් කළේය. මෙම ශතකය ඩිල්ෂාන්ගේ 15 වැනි එක්දින ශතකය වේ. ඒ අනුව ඩිල්ෂාන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වැඩිම එක්දින ශතක රැස්කළ ක‍්‍රීඩකයා බවට පත්විය. සනත් ජයසූරිය ශතක 28 ක් රැස්කර පෙරමුණේ පසුවෙයි.
තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර (63) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

බංග්ලාදේශ පිල  ඕවර 50 කදී කඩුලූ 8 ට 259

(තමිම් ඉක්බාල් 112, එනමුල් හක් 13, මහුමුදුල්ලා 29, නසීර් හොසේන් නොදැවී 73, ඇන්ජලෝ මැතිව්ස් 36/2, ලසිත් මාලිංග 51/2)

ශ‍්‍රී ලංකාව  ඕවර 35.4 කදී කඩුලූ 2 ට 238

(කුසල් ජනිත් 42, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 113, කුමාර් සංගක්කාර 63)

 

(ඡයාරූප: ශාන්ත රත්නායක)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ශ‍්‍රී ලංකාව කඩුලූ 8 ක පහසු ජයක් ලබයි

සිතුම් Wednesday, 27 March 2013 02:43 PM

නියමයි කුසල්, දිගටම ඔහොම යං.(නදී)

:       0       0

තත්සරණි Tuesday, 26 March 2013 04:02 PM

සංගාට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

තුෂාර Tuesday, 26 March 2013 04:10 PM

මගේ රටට සුභ පැතුම් (දී)

:       0       0

තත්සරණි Tuesday, 26 March 2013 04:11 PM

සංගා, මැතිව්ස්, ඔබට උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

දුමිඳු Sunday, 24 March 2013 02:33 PM

ලංකා කොල්ලෝ ඔහොම තමයි (දී)

:       0       0

ටක් Sunday, 24 March 2013 12:20 AM

නියමයි කුසල්. ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

හේරත් Sunday, 24 March 2013 12:37 AM

ජයවේවා !(නදී)

:       0       0

සම්පත් Sunday, 24 March 2013 03:48 PM

මහේලට මොකද වෙන්නේ? (නි)

:       0       0

විතානගේ Sunday, 24 March 2013 01:21 AM

නියමයි. ඔහොම යමු. (නි)

:       0       0

චන්දන Sunday, 24 March 2013 06:10 AM

නියමයි.(නදී)

:       0       0

ජනා Sunday, 24 March 2013 07:49 AM

නියමයි. (නි)

:       0       0

මොහොමඩ් Sunday, 24 March 2013 08:20 AM

හැබැයි ලක්මව වෙනුවෙන් සෙල්ලම් කරන්න හොදේ. (නි)

:       0       0

කෙවින් Sunday, 24 March 2013 08:47 AM

කුසල් පුතේ කොන්ඩේ වවාගෙන වලහා වගේ වෙන්න එපා. නිහතමාණීකම ගොඩක් වටිනවා. සල්ලි හම්බකරන්න පුළුවන්. ලෝකයගේ ආදරය ලබාගන්න හැමෝටම බැහැ. බලන්න ලෝක ශූර උසේන් බෝල්ට්.(නදී)

:       0       0

නදීස් Sunday, 24 March 2013 08:55 AM

ඊයේ නම් නියමයි මැච් එක.(නදී)

:       0       0

කුරුව්ට Sunday, 24 March 2013 09:01 AM

නවකයින්ට තැනක් දෙමු.(නදී)

:       0       0

සපූ Sunday, 24 March 2013 09:15 AM

කුසල් ඔබට සුභ අනාගතයක්.(නදී)

:       0       0

සිල්වා Sunday, 24 March 2013 09:10 AM

උපුල් තරංගට වඩා හොදයි. දක්ෂයට තැන දෙන්න.(නදී)

:       0       0

ගුණවර්ධන Sunday, 24 March 2013 10:05 AM

මීට පෙර ඔහොම තරග දැකලා නැද්ද? (නදී)

:       0       0

අනුර Sunday, 24 March 2013 10:24 AM

කුසල් ඔයාට සුභ පැතුම්. හැබැයි මාලිංග වගේ නම් වෙන්න එපා.(නදී)

:       0       0

කරුණාරත්න Sunday, 24 March 2013 11:45 AM

කුසල් ඔබට සුභ පැතුම්. නිහතමානි වන්න. අපට ඇහුණ අරයට ලැබුණ ප්‍රතිචාර එයා පන්දු යවද්දි. ඉදිරිය ගැන බලා‍පොරොත්තු තබා ගන්න පුළුවනි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site