(යොහාන් භාසුර)
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ අද (15) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3 ක ජයක් ලැබීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සම විය.
ශ්‍රී ලංකා පිල ලකුණු 287 ක ඉලක්කය ඕවර 47.1 කදී කඩුලු හතක් දැවී සම්පූර්ණ කළේය.
ශ්‍රී ලංකාව ලකුණු 43 කට කඩුලු තුනක් දැවී සිටියදී පැතුම් නිස්සංක (114) සහ චරිත් අසලංක (91) සිවුවැනි කඩුල්ලට ලකුණු 185 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
පැතුම් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 113 කින් ලකුණු 114 ක් රැස්කළ අතර එය ඔහුගේ හයවැනි එක්දින ජාත්‍යන්තර ශතකයයි. පැතුම්ගේ ලකුණු 114 ට හතරේ පහර 13 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත්විය.
චරිත් අසලංක පන්දු 93 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 91 ක් රැස්කර සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
බංග්ලාදේශ පිල ඕවර 50 යේදී කඩුලු 7 ට 286 (සෞම්‍ය සාකර් 68, නජ්මුල් හොසේන් ෂැන්ටෝ 40, තව්හිඩ් රිඩෝයි නොදැවී 96, මුෂ්ෆිකර් රහීම් 25, ටන්ෂිම් හසන් සකීබ් 18, ටස්කින් අහමඩ් නොදැවී 18, ඩිල්ෂාන් මධුසංඛ 30/2, වනිඳු හසරංග 45/4) ශ්‍රී ලංකා පිල ඕවර 47.1 කදී කඩුලු 7 ට 287
(පැතුම් නිස්සංක 114, කුසල් මෙන්ඩිස් 16, චරිත් අසලංක 91, දුනිත් වෙල්ලාලගේ නොදැවී 15, වනිඳු හසරංග 25, ෂොරිෆුල් ස්ලාම් 49/2, ටස්කින් අහමඩ් 49/2)
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1002
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව කඩුලු 3 කින් ජය ලබයි
Prabha Friday, 15 March 2024 11:56 PM
ඊ ළඟ එකත් දිනන්න. නැතිනම් අපිට පාරෙ යන්න බැහැ. ටයිම් අවුට් පෙන්නනවා.
Lalla Sunday, 17 March 2024 11:59 AM
පින්පඩිකාර අකුසල කර්මය මොනවද කරන්නේ...? තුන් දෙනෙක් සෙල්ලම් කරලා දිනපු තරඟයක්... අනිත් අය තැටමූ විදිය ගැන කණගාටුයි.