වසර ගණනාවකට පසු ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් යන කණ්ඩායමක අඩුම සාමාජික සංඛ්‍යාව මේ වසරේදී බව ජාතික ඔලිම්පික් කමිටුව කියයි. එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී ජුලි 27 වැනිදා ආරම්භ වන 30 වැනි ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම මේ වන විට කී‍්‍රඩකයින් සිවුදෙනකුට සීමාවී තිබේ.
ශ්‍රී ලංකාවෙන් කිසිදු කී‍්‍රඩිකාවක් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වී තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ සහභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ”ලන්ඩන් ” ඔලිම්පික් උළෙලට ශීී‍්‍ර ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඉදිරිපත් කිරීම සඳහා ලැබුණු නිල කාලය හෙට (31) අවසන්වීමට නියමිත බවයි.
ලන්ඩන් ඔලිම්පික් උළෙල සුදුසුකම් ලබාගැනීමේ පරිසාධන මට්ටමට පැමිණ සිටින්නේ මෙරට කී‍්‍රඩකයන් දෙදෙනකු පමණි.
ඒ මැරතන් කී‍්‍ර‍්‍රඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සමග බැඞ්මින්ටන් කී‍්‍රඩක නිලූක කරුණාරත්න දෙදෙනාය.
ඉලක්කයට වෙඩි තැබීමේ කී‍්‍රඩක මංගල සමරකෝන් හා පිහිනුම් කී‍්‍රඩක හේෂාන් උණම්බුවට පරිසාධන මට්ටමට නොපැමිණි නාමලේඛනය යටතේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරති.
පරිසාධන මට්ටමට ළඟා නොවූ නාමලේඛනය යටතේ ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා අනුමැතිය ඉල්ලා සිටි පිහිනුම් කී‍්‍රඩක
රෙෂිකා උඩුගම්පොළගේ අභියාචනාව ප‍්‍රතික්‍ෂේප වී ඇතැයිද වාර්තාවේ.
මීට පෙර පැවැති ඔලිම්පික් උළෙලවලදී ලැබුණු ආකාරයට පිහිනුම් කී‍්‍රඩාවෙන් එක් කී‍්‍රඩකයකු ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය හිමිව තිබේ.
චීනයේ ”බිජිං” නුවරදී වසර 2000දී පැවැති 29 වැනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි විය.
කෙටි ධාවන ශූරි සුසන්තිකා ජයසිංහගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට නදිකා ලක්මාලි (මලල කී‍්‍රඩා), අනුරුද්ධ රත්නායක (බොක්සිං), ඊ.එම්. සේනානායක (ඉලක්කයට වෙඩි තැබීම), තිළිණි ජයසිංහ (බැඞ්මින්ටන්) චින්තන විදානගේ (බර ඉසිලීමේ) ඩැනියල් ලීහා මයුට් රහීම් (පිහිනුම්) 2008 ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර නායකත්වය සඳහා වඩාත් සුදුස්සා බවට පත්ව සිටින්නේ ඉලක්කයට වෙඩි තැබීමේ කී‍්‍රඩක මංගල සමරකෝන් බව වාර්තා වේ. ඒ වැඩිම අන්තර්ජාතික තරග මාලා ගණනාවකට සහභාගිවූ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයා ලෙසය.
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්රී ලංකාවේ ඔලිම්පික් කණ්ඩායම සාමාජිකයන් සිවුදෙනකුට බසී
අනුෂ Wednesday, 30 May 2012 01:54 PM
හොඳ වෙලාවට අපිට 2018 පොදුරාජ් මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බ නොවුනේ නේද.... මොකද එහෙම වුණා නම් අපිට වස ලැජ්ජාවක් වෙන්නේ. ඔලිම්පික් වගේ එකකට කල්තියා සුදානම් වෙන්න ඉතා විශාල මුදල් කන්දරාවක් ලැබෙන ජාතික ඔලිම්පික් කමිටුවක් තියෙනවා නේ..... අතිගරු ජනාධිපතිතුමනි, ගරු ක්‍රීඩා ඇමතිතුමනි.... මේ ඔබේ අවධානය පිණිසයි. කොහොම වුණත් තේරුණ අපේ ක්‍රීඩකයන්ට දළදා සමිඳුගේ පිහිටයි....
බණ්ඩාර Wednesday, 30 May 2012 01:56 PM
ක්‍රීඩා ඇමතිකම වැඩක් කරන්න පුළුවන් එකෙකුට දෙනවනම් ක්‍රීඩාවට කරන ලොකුම සේවයක් ඒක
ගැමුණු Wednesday, 30 May 2012 03:13 PM
අපේ රට වැසියා දස්කම් දක්වන අංග මේ උලෙළට ඇතුලත් කරල නැහැනේ. ( හොරකම් / මැරකම් / දුෂණ / ළමා අපචාර / මිනි මැරැම්..... ) කෙසේ උවත් ඔබ සිව්දෙනාට ලොව දිනන්නට් ශක්තිය.
උපුල් Wednesday, 30 May 2012 02:50 PM
ක්‍රීඩකයෝ හතර දෙනයි..., මගේ ප්‍රශ්නේ අනිත් කට්ටිය කොච්චරක්ද කියලයි.
ජනක Thursday, 31 May 2012 07:48 AM
2016 අපි දන්නෙනැ ඔලිමිපික් ගැන අපිට මතක් වෙයිද ? කියලත් ක්‍රිඩාවට ආශිර්වාදය ලැබුනුදා ඉදලා අපේ මලළ ක්‍රිඩාව ක්‍රිකටි- රගරුත් ගොඩේ ගොඩ .සුභ අ නාගතයක්.
ලසාක් Wednesday, 30 May 2012 10:30 AM
ලංනාවෙ කී‍්‍රඩා ක්ෂේත්‍රයේ දියුණුව ගැන මට හරිම සතුටුයි. ඔය විදිහටම යමු. එතකොට ඔලිමිපික් යන එක ලංකාවට හීනයක් වෙයි. හරි ඝෝක්.
සන්ජය Wednesday, 30 May 2012 04:55 PM
එතකොට නිලධාරීන් කීයක් යනවද???
සලා Thursday, 31 May 2012 10:31 AM
කියල වැඩක් නෑ.
කියුබානුවා Wednesday, 30 May 2012 05:46 PM
අපේ රටේ ක්‍රීඩාවට හරි දැක්මක් නෑ. පුහුණු කරුවෝ, ක්‍රීඩා නිලධාරීන් වගේම ක්‍රීඩකයෝත් ලැජ්ජා වෙන්න ඕනි.ඒ අයගේ දුර්වලතා නිසයි මෙහෙම වෙන්නේ.මීට වඩා හොද කැපවීමක් හැමෝම කරන්න ඕනි
අමිල Wednesday, 30 May 2012 12:37 PM
හතර දෙනාම සූරයෝ කියලා වැඩක් දෙමු මල්ලි.ජය වේවා!
රොහාන් Wednesday, 30 May 2012 01:22 PM
ආසියාවේ පරිහානිය..... ශ්‍රී ලංකාව මේවට වග කියන්න ඕනි ඉහළ ඇත්තෝ තමයි