IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව - ඉතාලිය අතර ශ්‍රම සංක්‍රමණික සහයෝගීතාවක්

(යොහාන් භාසුර)

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆැන්කොවිග්  මහතා අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්‍රම සංක්‍රමණය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා වන විශේෂ හමුවක් අද (26) පැවැත්විණි.

ඉතාලි  රජය සහ ශ්‍රී ලංකා රජය අතර කම්කරු සංක්‍රමණ පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතා ගිවිසුම අලුත් කිරීම, ඉතාලියේ පවතින රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, ඉතාලි රජය අනුග්‍රහය දක්වන මෙම වැඩසටහන හරහා ඉතාලියේ රැකියා අවස්ථා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට එරට බලා පිටත්වීට පෙර පුහුණුවක් දීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවත් ඉතාලියේ රැකියා කෝටා ක්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව තානාපතිවරයාගේ අවධානය යොමු කරමින් කෝටා ක්‍රමය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද තානාපතිවරයාව දැනුවත් කළ බවත් එම අමාත්‍යංශය කීය.

ඉතාලිය තුල රැකියා සඳහා බඳවා ගැනීමේ නියෝජිතායතන නොමැතිකම පැහැදිලි කළ තානාපතිවරයා එම තත්වය හේතුවෙන් ඉතාලියේ රැකියා වෙළඳපොළ වෙනත් බොහෝ රාජ්‍යන්ට වඩා වෙනස්  බවද සඳහන් කළේය.



අදහස් (3)

ශ්‍රී ලංකාව - ඉතාලිය අතර ශ්‍රම සංක්‍රමණික සහයෝගීතාවක්

Joseph Thursday, 26 October 2023 05:34 PM

හරි ෂෝක්. අපේ බාප්පා කළා වගේ ඉතාලි ගිහින් ටික දවසක් ඉඳලා එංගලන්තයට පැනගන්න පුළුවන්. එහිදී බත්කඩයක් දාගෙන සැප ජීවිතයක් ගතකරන්නත් පුළුවන්. වැඩිය මැරෙන්න ඕනෑ නැහැ...!

:       0       7

ලසන්ත සුදර්ශන Thursday, 26 October 2023 08:59 PM

ඉතාමත් වටිනා වැඩක් අපිටත් අවස්ථාවක් ලැබුණොත්...!

:       0       4

සී එස් වෙක්න සිංහ Sunday, 29 October 2023 12:20 AM

අපිට රියදුරු බලපත්‍රය ඉතාලියේ එකට මාරුකරගන්න ආපසු ගිවිසුම අලුත් කරන්න. බොහෝම ස්තූතියි..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site