IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්

(යොහාන් භාසුර )

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිලාත්හිදී අද (4) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 3 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.  ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 203 ක් රැස්කළේය.

බංග්ලාදේශ පිලට ජයග්‍රහණය සඳහා දසුන් ශානක යැවූ ඉනිමේ අවසන් ඕවරයට ලකුණු 12 ක් රැස්කිරීමට සිදුවූ අතර දසුන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු දෙකක් දවාගනිමින් ලකුණු 8 ක් පමණක් ලබාදුන්නේය.

ටස්කින් අහමඩ්ට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 5 ක් රැස්කිරීමට සිදුවූ අතර දසුන් එම පන්දුවට ලකුණක් පමණක් දෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා රැගෙන ආවේය.  
ජකීර් අලී පන්දු 34 කින් රැස්කළ ලකුණු 68 තරගය වෙනස් කළ අතර ඔහුගේ ලකුණු 68 ට හතරේ පහර 4 ක් සහ හයේ පහර 6 ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යැවූ ඕවර හතරට බංග්ලාදේශ පිල ලකුණු 56 ක් එකතු කරගත් අතර එහිදී මතීෂ වයිඩ් පන්දු 9 ක් සහ නිපන්දු 3 කින් අතිරේක ලකුණු 12 ක් පිරිනැමීම ශ්‍රී ලංකා පිලට දැඩි පාඩුවක් විය.

ශ්‍රී ලංකා පිල බංග්ලාදේශ පිලට අතිරේක ලකුණු 19 ක් පිරිනැමීම තරගයේ තීරණාත්මක සාධකයක් බවට පත්විය.

පන්දු 21 කින් නොදැවී ලකුණු 44 ක් රැස්කළ චරිත් අසලංක තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ශ්‍රී  ලංකා පිල ඕවර 20 කදී කඩුලු 3 ට 206

(කුසල් මෙන්ඩිස් 59, කමිඳු මෙන්ඩිස් 19, සදීර සමරවික්‍රම නොදැවී 61, චරිත් අසලංක නොදැවී 44)

බංග්ලාදේශ පිල ඕවර 20 කදී කඩුලු 8 ට 203

(නජ්මුල් හොසේන් සන්ටො 20, මහුමුදුල්ලා 54, ජකීර් අලී 68, මෙහෙදි හසන් 16, ඇන්ජලෝ මැතිව්ස් 17/2, බිනුර ප්‍රනාන්දු 41/2, දසුන් ශානක 36/2) 



අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site