හික්කඩුවේදී පෙරේදා නිමා වු ආසියානු යොවුන් චෙස් තරගාවලියේ (2012) කණ්ඩායම් තරගවල 6 න් පහළ වයස් කාණ්ඩයේ රන් පදක්කම දෙකම ශ‍්‍රී ලංකාව දිනා ගත්තේය. වයස 6 න් පහළ (බාලක) ශ‍්‍රී ලංකා පිලේ චමත් අත්තනායක, සනුෂ මාරපන, ෂෙනිල ගුණරත්න එක්ව රන් පදක්කම දිනා ගැනීමට සමත්වුහ. එම වයස් කාණ්ඩයේ බාලිකා කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම ද ශ‍්‍රී ලංකාව දිනාගත් අතර ඔමායා ටාෂි, එස්. රත්නායක සහ තරුෂි හිරණ්‍යා මෙම රන් පදක්කම දිනාගත්හ. තරගාවලියේ 10 න් පහළ (බාලිකා) රිදී පදක්කමක් ද, 8 න් පහළ (බාලක, බාලිකා), 18 න් පහළ (බාලක, බාලිකා) 16 න් පහළ (බාලක, බාලිකා) සහ 12 න් පහළ (බාලිකා) යන වයස් කාණ්ඩවලින් ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් හිමිවිය. රටවල් 19 කින් කණ්ඩායම් සහභාගි වු මෙම තරගාවලියේ වැඩි ගෞරවය හිමිකර ගැනීමට ඉන්දිය චෙස් කණ්ඩායම සමත්විය.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකාවට කණ්ඩායම් තරගවලදී රන් පදක්කම් දෙකක්