IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සභාපතිගේ නිවස කැඩූ සැකකරුට ඇප

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ නිවසට ඇතුළු වී රුපියල් ලක්ෂ 90ක මුදල් හා භාණ්ඩ සොරා ගත්තැයි අත්අඩංගුවට ගත් සැකකාර ලසිඳු ගෝමස් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් හා රුපියල් දසදහසක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය. රුපියල් ලක්ෂ 40 වටිනා රෙලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක් හා රුපියල් ලක්ෂ 50ක පමණ විදේශ මුදල් සැකකරු  සොරාගත් බව අධිකරණයේ දී කියැවිණි. එයින් අත් ඔරලෝසුව සහ මුදල්වලින් කොටසක් සොයාගත් බව අධිකරණයට දැන්වීය.සැකකරු මත්කුඩු බීමට ඇබ්බැහි වූවකු බව අධිකරණයේ දී කියැවිණි.  



අදහස් (0)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සභාපතිගේ නිවස කැඩූ සැකකරුට ඇප

වරුණ Friday, 22 June 2012 05:14 PM

මුදල් සාධාරණව උපයා ඇත්නම් නැවත ලැබේවි

:       0       0

කිරිමාටින් Friday, 22 June 2012 04:40 PM

ඔයා හොද කොල්ලෙක් ලසිදු

:       0       0

චාමර Friday, 22 June 2012 05:22 PM

මගේ අම්මෝ, මිලියන 200ක විදේශ මුදල්? ලංකාවට බුදු සරණයි

:       0       0

අමිල Friday, 22 June 2012 05:01 PM

ඇප දුන්නා??? හිතා ගන්නවත් බෑනේ

:       0       0

නාලක Friday, 22 June 2012 05:13 PM

එතකොට විදේශ මුදල් ලග තබා ගැනීම?

:       0       0

නාලක Friday, 22 June 2012 05:58 PM

විදෙස් මුදල් ළග තබා ගැනීම නිති විරෝධියි නේද?

:       0       0

ජීවක Friday, 22 June 2012 05:56 PM

එතකොට සුද්දෝ එහෙම එන්නේ කොහොමද රට සල්ලි ළග තියාගෙන ඒක නීති විරෝධී නම්?

:       0       0

විජය Sunday, 24 June 2012 01:11 AM

මෙයා හොරකම් කරපු සල්ලිවලින්ම නිදහස් වෙන්න අැප බදින්න ඇති..

:       0       0

ලිබ්‍රාඩා Friday, 22 June 2012 06:04 PM

ජෙනරාල්ගෙ නෑන්දම්මට විරුද්දව නඩුදෑම්ම ඩොලර් 500 කට එතකොට මෙයාට මොකද කරන්නෙ

:       0       0

උදාර Friday, 22 June 2012 07:44 PM

යකෝ ලක්ෂ 40 අත් ඔරලෝසු....අනේ අපිට පාන් බාගයක් ගන්නෙ රුපියල් 40 ක් නැහ.........

:       0       0

ලලිත් සමරකෝන් Saturday, 23 June 2012 12:42 PM

බලන්න දේශපාලඥයෝ කොපමණ මුදල් උපයනවාද? මෙයාටත් මෙතන ඉන්න බැහැ දේශපාලන සම්බන්ධයක් නැතිව.. ඉතාම හොදයි ලංකාව...

:       0       0

ගාමිණී වික්‍රමසිංහ Saturday, 23 June 2012 12:42 PM

රුපියල් ලක්ෂ 40 ක අත් ඔරලොසුවක් ?.....මෙයයි ආසියාවේ ආශ්චරය!!!!!!!! ලංකාවට බුදුසරණයි!!!!!!!!!!!!

:       0       0

ලලිත් සමරකෝන් Saturday, 23 June 2012 01:23 PM

මම හිතන්නේ මේක වැරදීමක්.. මේ කඩල තියෙන්නෙ බැංකුවක්.. නැත්නම් රජයේ ‍සේවකයකුට මේ තරම් වටිනා බඩු සහ සල්ලි තියෙන්නට කිසිම හැකියාවක් නැහැ...

:       0       0

අන්කල් Friday, 22 June 2012 09:10 PM

ඇප දෙන්නත් සභාපති තුමාම ගියානම් හරිනේ ?

:       0       0

මාටියා Saturday, 23 June 2012 12:28 AM

එතකොට විදේශ මුදල් ලග තබා ගැනීම? ලොකු මිනිස්සුන්ට, හොරාපොලිස්, පොඩි මිනිස්සුන්ට, නියමපොලිස්,

:       0       0

මරැවා Saturday, 23 June 2012 02:29 AM

මේ සභාපතිතුමා ළග ඔය කියන තරම් මුදල් කොයින්ද ලැබුණෙ.. ඔහුගෙ ආදායම සොයන්න අල්ලස් කොමිසමට පැමිණිලි කළ යුතුයි...!

:       0       0

සුසන්ත Sunday, 24 June 2012 03:42 PM

හොරුන්ගෙත් හොරු

:       0       0

අනුර ආරියදාස Saturday, 23 June 2012 08:55 AM

මොකද දන්නේ නැහැ මෙයාට ඇප දුන්නෙ.. ලොකු හො‍රකමක්නේ.. අපේ පැත්තෙ පොකට් එකක් හොරකම් කරපු කොනෙකුට ඇප දුන්නෙ මාස 3කට පස්සෙ.. පොකට්එකේ තිබුණෙ රැපියල් 300යි.

:       0       0

වරැණ Saturday, 23 June 2012 09:30 AM

ඔච්චර දේපලක් ‍කොහොමද ඉපයුවෙ කියල බලන්න කියල දූෂණ මර්ධන එකට හරි අල්ලස් දූෂණ කොමිසටම හරි පරීක්ෂණය් පවත්තන්න කියමු.. මේ‍ගොල්ල උරැම බූදල් තියෙන අය නෙමේ ‍නේද? ඊට ස්සේ හොරාට දඩුවම් දෙමු..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site