IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මගී ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි

( තිළිණි ද සිල්වා සහ ටී.කේ.ජී. කපිල )

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මේ මස 30 වැනිදා  දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය සඳහා පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එහි නියමිත මගී ගුවන් ගමන් එදින තෙක් තාවකාලිකව අත්හිටුවීම දීර්ඝ  කිරීමට සිදුව ඇතැයි එම සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.

කෙසේ වෙතත්, ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත ජාලය හරහා ගුවන් භාණ්ඩ සේවා මෙන්ම විශේෂ ගුවන් ගමන් වාර අවශ්‍යතාවය පරිදී ක්‍රියාත්මක වනු ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහන් කරයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කරගැනීමෙන් හෝ ළගම ඇති ශ්‍රී ලංකන් කාර්යාලය වෙතින් මෙන්ම  +94117771979  යන දුරකතන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සදහන් කර සිටී.
 



අදහස් (7)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මගී ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි

rana Wednesday, 15 April 2020 08:00 AM

වැඩක් නැති එක අර ඊයේ කිව් පරිදි ව්‍යාපාරික සිතිවිල්ලෙන් යන්ද බෙංගාලි බෝතල් ටිකක් ගෙන්න ? නියම ව්‍යාපාරය .චිනා අදිනවා වගේ නොවේ.

:       0       2

නන්නාදුනන හාදයා Wednesday, 15 April 2020 11:50 AM

මේ සුදු අලියෙක්... රටේ මිනිසුන්ගේ මුදල් කකා දෙස්පාලුවන්ව උඩින් එහාට මෙහාට ඇද ඇද ඉන්නවා පමණයි. එදා එමිරේට්ස් සමග තිබෙද්දී අපි දිගටම ලාබ ලැබුවා. ඒකටත් කෙලියේ රාජපක්ෂලා බව දැන් කාටකාටත් අමතකද දන්නේ නැහැ....

:       0       168

roomiWednesday, 15 April 2020 12:18 PM

අහෝ ඛේදයකි. එමිරේට්ස් විසින් ලංකාවේ සංචාරක කර්මාන්තය වල පල්ලට දාල මුස්ලිම් මාලදිවයිනේ සංචාරක කර්මාන්තය උඩට ගත්තේ ඔය කියන කාලයේදී. ඔවුන් ශ්‍රී ලන්කන් එක ගත්තට පස්සේ ශ්‍රී ලන්කන් ගුවන් ගමන් බොහොමයක් මාලදිවයින හරහා යොමු කරා. ලංකාවේ සංචාරක කර්මාන්තය නැතිවුනෙත් ශ්‍රී ලන්කන් බොහොම වලපල්ලට යාම පටන් ගත්තෙත් කැබිනට් එකටවත් දන්නේ නැතුව තනි තීරණයට ලාබ ලබමින් තිබුන ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය තවත් ගුවන් සමාගමකට විකුනලා (නරියට කිකිලිව බාර දීලා),. එමිරේට්ස් කරේ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මැරීම. එක අතකින් තමන් සමග තරග කරන තවත් ගුවන් සමාගමක් නැතිකරා, අනික් අතින් ලංකාව සමග සංචාරක කර්මාන්තයේ තරඟ කරමින් සිටි මාල දිවයිනට ලංකාව පරදා උඩට එන්න පාර කැපුවා. මම ඔය කාලයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රැකියාව කරේ. අපේ යාලුවෝ ලංකාවේ සංචාරක කර්මාන්තයේ හිටියේ. අපි හැම දෙනාටම තට්ටු වුනේ ශ්‍රී ලන්කන් එක එමිරෙට්ස්වලට විකුනපු නිසා. රාජපක්ෂලා එය තමන්ට ගන්න පාර හදාගත්තේ චන්ද්‍රිකා රට ගැන නොසිතා කරපු අසික්කිත වැඩනිසා. හොඳට මේ කතාවේ අග මුල හොයලා ඉන්න ආපහු කමෙන්ට් ලියන්න ඉස්සෙල්ල.

:       34       0

sudantha senanayaka Wednesday, 15 April 2020 06:31 PM

මම මේ ගැන හොඳටම දන්නවා.ශ්‍රී ලන්කන් පාඩුලබන නිසා චන්ද්‍රිකා එමිරේට්ස් සමග ශ්‍රී ලන්කන් සම්බන්ධ කලා. ඉන්පසු ශ්‍රී ලන්කන්ස් ලාබ ලබන්න පටන්ගත්තා. එතකොට ශ්‍රී ලන්කන්ස් ceo වෙලා හිටියේ පීටර් හිල්ස් මහත්මයා.... මහින්ද රාජපක්ෂ එංගලන්තයට ගිය වෙලාවක එයාට හදිස්සියේම ලංකාවට එන්න ඔනාවුනා. මහින්ද ගිහින් තිබුනෙත් 100 කට අධික එයාගේ කට්ටිය එක්ක. නමුත් මහින්ද ඇතුළු 10 දෙනෙකුට පමණක් හදිස්සියේම ලංකාවට පැමිණීමට සිට් දෙන්න පුළුවන් කියලා ශ්‍රී ලන්කන්ස් දැන්වුවා. නමුත් මහින්දට එන්නොවුනේ එයාගේ 100 කට අධික හැත්ත බුරුත්ත පිටින්මයි. කොහොම හරි පීටර් හිල්ස් ඒක කරන්න බැරිබව දැන්වුවා. බුක් කරලා තියෙන සිට් අවලංගු කරන්න ඔහු කැමතිවුනේ නැහැ. ඒ කියන්නේ කොම්පැනියේ නම ආරක්ෂා කරන්නයි. මහින්ද ලංකාවට ආවා. පීටර් හිල්ස්ව අස්කලා. ශ්‍රී ලන්කන්ස් කොටස් ඔක්කොම නැවත අරගත්තා. පීටර් හිල්ස් එයාගේ ශ්‍රී ලංකික බිරිඳත් සමග එංගලන්තයට ගියා. ඔහුට හිටියාටත් වඩා උසස් පත්වීමක් ලැබුනා. අපේ අය ආයෙත් අනාගත්තා නැවත ගොඩගන්න බැරිවෙන විදිහටම... ඔන්න ඇත්ත.... ශ්‍රී ලාංකිකයින් කවුරුත් මේ කතාව දන්නවා....

:       0       29

fernando - negomboWednesday, 15 April 2020 06:42 PM

ඔබ මේ මොනවාද කියවන්නේ ..? ජේ ආර් ගේ කාලයේ පටන්ම එයාර් ලංකා පාඩු ලැබුවා. අන්තිමට චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කාලයේ එයා එමිරේට්ස් සමාගමත් සමග ශ්‍රී ලන්කන් ගිවිසුමක් ගැහුවා. ඊට පස්සේ තමයි ශ්‍රී ලන්කන් ලාබ ලබන්න පටන්ගත්තේ. නමුත් ඊටපසු කරපු මෝඩ වැඩක් නිසා එමිරේට්ස් අපිට නැතිවුනා. ශ්‍රී ලන්කන් පාඩු ලබනවා අදටත්. මම අදටත් ශ්‍රී ලන්කන් සේවයේ නඩත්තු ඉංජිනේරු අංශයේ සිටිනවා. ඔබට පුලුවන් නම් මෙයට පිළිතුරු දෙන්න... ඔබ ශ්‍රීලන්කන් සේවයේ සිටි බව කියන්නේ සම්පුර්ණ බොරුවක්....!!!

:       0       11

raviWednesday, 15 April 2020 07:19 PM

ඔබගේ ජාතිවාදී බව නම් පැහැදිලියි.මාලදිවයින කීවාම ඇති මුස්ලිම් කෑල්ලක් ඕනා නැහැ. ඒ අයගේ සංචාරක ව්‍යාපාරයේ දක්ෂකම නිසා ඒගොල්ලෝ ගොඩගියා.

:       0       0

සතරසිංහ Wednesday, 15 April 2020 06:50 PM

"..හොඳට මේ කතාවේ අග මුල හොයලා ඉන්න ආපහු කමෙන්ට් ලියන්න ඉස්සෙල්ල...." අපි හොයලා බැලුවා ..... ඔබට කවුරුවත් වැසිකිලි පෝච්චියක් නැතිනම් ටකරමක් , නැතිනම් රුපියල් 200 හරි අරක්කු වීදුරුවක් හරි දීලා තියෙනවා...පුතේ මෙන්න මෙහෙම ලියපන් දැන් චන්දෙත් ලඟයි...අමතකවෙලා තියෙන ඇත්ත අයෙත් මතුවෙන්න වගෙයි යන්නේ....එහෙම වුනොත් මේ පාර මගේ අගමැතිකමත් ඉවරයි..." කියලා. ශ්‍රී ලන්කන් සේවය නැත්තටම නැතිවුනේ මහින්දගේ කාලයේ. ඒක තමයි ඇත්ත. අගමුල හොයන්න දෙයක් නැහැ. නොමිලේ දුන්න පින් අරක්කු බිලා බොරු කොමෙන්ට්ස් ලියන්න එපා.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31594 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13958 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site