IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලාංකිකයා මරුට : සෞදි ළමයා සැකපිට

 සෞදි අරාබියේ රියාද් සිට කිලෝ මීටර් 1200 පමණ දුරකින් පිහිටි අභා ප්‍රදේශයේ පේස්ට්‍රි කඩයක රැකියාව කරන ලද මොහොමඩ් සම්ස්හුල් සාමාන් නමැති ශ්‍රී ලාංකිකයෙකි,අද පළවූ සෞදි පුවත් පතක වාර්තාවකට අනුව සිද්ධිය මෙසේයි.

සෞදි අරාබියේ අභා නගරයේ සිට කිලෝමීටර් 50 ක් පමණ දුරින් පිහිටි මුහායෙල් ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක පමණ සෞදි ජාතික දරුවෙකු විසින් පැදැවුණූ මෝටර් රථයකට යටවී ශ්‍රී ලාංකිකයෙක් මරුමුවට පත් විය.

පේස්ටි කඩයක සේවය කළ  සම්ස්හුල් සාමාන් පාර මාරු වෙද්දී   මරණයට පත්වී ඇත .

මෙම මරණය පිලිබදව දැනටමත් පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතින බව ජෙඩා කොන්සියුලර් කාර්යාලය කියයි.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ඔහුගේ ඥාතීන් හට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන්ගේ කැමැත්ත මත මෘතදේහය මුහයිල් ප්‍රදේශයේ මිහිදන් කිරීමට ජෙඩා කොන්සියුලර් කාර්යාලය පියවර ගෙන ඇත.

 

 



අදහස් (0)

ශ්‍රී ලාංකිකයා මරුට : සෞදි ළමයා සැකපිට

ජෝයි ගොඩ්රි මාතලගේ Saturday, 07 February 2015 06:08 PM

මෙක මෙහෙම ලෙසියෙන් අරින්න බෑ. මානව සංවිධාන නිදිද? විදේශ කටයුතු භාර ඇමති තුමනි, මෙය ලියන්නේ ඔබටයි. විදේශ ගත ශ්‍රී ලාංකිකයා ගේ විදේශ විනිමය මේ රටට කැප නම් රීෂානාගේ අත්වැරදීමට මරණ දඩුවම දුන්නානම්. නිවහල් ශ්‍රී ලාංකිකයන් හැටියට අප මෙයට සටන් කර ඒ මිය ගිය සහෝදරයාගේ පවුලට වන්දියක් අරන් දිය යුතුයි. ගුවන් තොටේදී ලියාපදිංචි වෙලාද යන්නේ කියලා හොයා බලා මුදල් අයකරගන්නා නිළධාරියනි, ඔබටත් මෙයට වචනයක් හරි ලිවීමේ වගකීම ඇති බව අමතක කරන්න එපා. (නදී)

:       0       0

මොහොමඩ් Monday, 09 February 2015 12:30 PM

අපි පෙන්නන්න ඕනේ මුළු ලෝකෙටම වරදට දිය හැකි උපරිම දඩුවම සෞදි රජයේ නීතිය අනුව මරණ දඩුවමයි. නමුත් ලංකාවේ අපිට මනුස්ස කමක් තියෙනවා. වරදට දඬුවම දෙවියන්ට බාර දෙන්න. (නදී)

:       0       0

කමල්ඩීන් Wednesday, 04 February 2015 05:34 AM

අපේ කණගාටුව. අලුත් අැමතිනියට වැඩක්. පැදෙව්වේ අවරුදු 10 ක දුවෙක් නම් එ්ක සෙල්ලම් කාර් එකක් වෙන්න ඇති. ලංකාවෙ නම් ලොකු අයත් තුවක්කු වගේ සෙල්ලම් බඩුත් පාවිච්චි කරනවනේ. (නදී)

:       0       0

රසික කටාර් Sunday, 08 February 2015 03:26 AM

ජෝයි ගොඩ්රි මාතලගේ ඔබ හරියටම හරි. ෂරියා නීතිය අනුව ළමයෙක් නොව කව්රු උනත් බෙල්ල කපන්න ඕනා. (නදී)

:       0       0

වාසනා Wednesday, 04 February 2015 05:19 PM

දැන් අපි බලමු එයාල අපේ රිසානට වගේ ඒ ළමයා ටත් දඩුවම් කරයිද කියලා. එයාලා නීති හදාගන තියෙන්නේ එයාලගේ වාසියට. (නදී)

:       0       0

සුජීව Wednesday, 04 February 2015 05:20 PM

අනේ රිසානට කල දේම කරන්න කියන්න. හිස ක‍‍ඳෙන් කපල දාන්න කියන්න. ඒ අයටත් දරු කැක්කුම දැනෙන්න ඕනේ. (නදී)

:       0       0

ජොනී Wednesday, 04 February 2015 07:13 PM

හරිම කනගාටු සිද්ද්යෙක් සල්ලි දීලා බෙරෙයි (නදී)

:       0       0

තව්ෆික් Wednesday, 04 February 2015 10:00 AM

හොඳයි අපි දැන් බලමු, ෂරියා නීතියට අනුව රිසානට දඬුවම් කළා වගේ, සෞදි අයටත් ඉස්ලාම් නීතිය ක්‍රියාත්මක වෙනවද කියල? (දිල්)

:       0       0

නසාර් Wednesday, 04 February 2015 10:13 AM

හිස ගසා දැමි යුතු වරදක් (නදී)

:       0       0

ශියාස් Wednesday, 04 February 2015 10:21 AM

මිය ගියේ එක දරු පියෙකි. දරුවා ලැබීමෙන් පසු ප්‍රථම වරට පියා විසින් ලංකාවට එන්න ඇඳුම් ගන්න යනකොට තමයි මේක වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

ශසී Monday, 09 February 2015 08:17 AM

අනේ මිනිසුනේ අරුන් අර මිලේච්ඡ සරියා නීතිය අල්ලාගත්තාට අපිට පුලුවන්ද මුළු හදවත්න්ම අර අවුරුදු 10 ළමයාගේ ඔලුව කප්පන්න කියන්ඩ. අපි උන් තරම් බාල මිනිසුන් නොවේ.(නදී)

:       0       0

සෑම් Wednesday, 04 February 2015 10:29 AM

ඒ ළමයාටත් අපේ රිසානාට කරා වගේ මරණ දන්ඩනය නියම කරයිද. එයාලගේ රටේ නිසා එහෙම කරන එකක් නැහැ. ඔය කැලේ නීතිය එයාලට වාසි විදියට හදාගෙන තියෙන්නේ. (නදී)

:       0       0

නීල් Saturday, 07 February 2015 02:27 PM

ෂරියා නීතිය අනුව රිසානාට කල දේම කරනවා. නීතිය නීතියම වෙන්න ඕනා (නදී)

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site