පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරාධිපති සහ ශ්‍රී පාද ස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නාහිමියෝ (85) අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූහ.වසර විසිපහක පමණ කාලයක සිට ශ‍්‍රීපාදස්ථානයේ අධිපතිධූරයේ කටයුතු කළ උන්වහන්සේ 1948 අපේ‍්‍රල් 22දා කිරිඇල්ල නැදුන් රජමහා විහාරයේදී කලවානේ පඤ්ඤාලංකාර හිමිගේ අනුශාසනා යටතේ පැවිදි බිමට පත්වූහ. කොඩිතුවක්කු කන්ද සහ හාන්දුරුකන්ද විද්‍යාලවල ආරම්භකයා විමල හිමියන්ය. මිණිපුර දුම්බර විද්‍යාලය, දුම්බර රෝහල, සහ නමුනුතැන්න විදුහලට අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කර ඇත්තේද උන්වහන්සේ විසිනි. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් භික්‍ෂුන් වහන්සේලාටත් ශිෂ්‍යත්ව දුන්හ.එමෙන්ම සුනාමියෙන් නිවාස අහිමිවූ අයට නිවාස තනා ගැනීම ස`දහා රුපියල් ලක්‍ෂ පනහක මුදලක් ද උන්වහන්සේ පරිත්‍යාග කළහ.ශ‍්‍රීපාදස්ථානයට වාර්ෂිකව වැඩම කරවන පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට සුමන සමන් දෙව්රුව සිරිපා මළුවට වැඩම කරවීම 1987 දී ආරම්භ කරනු ලැබුවේ ද විමල නාහිමිගේ උපදෙස් මතය.ආදාහනෝත්සවය පිළිබ`දව පසුව දැනුම් දෙනු ඇත.
2025 නොවැම්බර් මස 17
96
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
937
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ශ්රී පාද නාහිමියෝ අපවත් වෙති