IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රි පාද - නල්ලතන්නිය මාර්ගය දිගටම වහයි

(රංජිත් රාජපක්ෂ)

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයාමට ලක් වු මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය තවදුරටත් නායයාමට සක්‍රිය වි ඇති නිසා එම මාර්ගය දිගටම වසා දැමිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි.

එම මාර්ගයේ නල්ලතන්නිය මොහිණි ඇල්ලට  සහ මවුස්සාකැලේ ජලාශයට ශ්‍රි පාද රක්ෂිතයේ සිට ජලය ගලා බසිනා සීත ගගුලට ඉහලින් අක්කර භාගයක පමණ භුමි ප්‍රමාණයක් මේ වන විට නායගොස් ප්‍රධාන මාර්ගයේ කොටසක්ද සීත ගගුල දෙසට ගිලා බැස ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භු විද්‍යාඥයින් පිරිසක් නායයාමට ලක් වු ස්ථානය පරික්ෂා කළ අතර, එම විද්‍යාඥයින් පිරිස ලබාදුන් නිර්දේශ මත එම මාර්ගය තවදුරටත් වසා දැමිමට පියවර ගත් බව සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

පවත්නා තත්ත්වය මත කිසිදු මගියකුට පයින් ගමන් කිරිමට පවා අවදානම් බවත්, පවතින අවදානම හේතුවෙන් එම ස්ථානයේ දිවා රාත්‍රි දෙකේ නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් රාජකාරියේ යොදවා ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.

2022-2023 ශ්‍රි පාද වන්දනා වාරය මේ වසරේ උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරිමට නියමිත අතර, වන්දනා වාරය ආරම්භ කිරිමට ප්‍රථම පතල් සහ භු විද්‍යා කාර්යංශයේ භු විද්‍යාඥයින්ගේ නිර්දේශ මත එම මාර්ගයේ නායයාගිය ස්ථානය මගහැර වෙනත් ස්ථානයකින් මාර්ගය අලුතින් කැපිමට පියවර ගන්නා බවයි නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉංජිනේරු රංග දේවප්‍රිය මහතා පැවැසීය.

 



අදහස් (0)

ශ්‍රි පාද - නල්ලතන්නිය මාර්ගය දිගටම වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site