IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රීලනිප මූලස්ථානයට තවත් ඉබ්බෙක්

(ආරියරත්න රණබාහු )

කොළඹ 10 ටී බි. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථාන ගොඩනැගිල්ල හිමි කාටදැයි යන ප්‍රශ්නය අද දිනයේ නැවතත් මතු විය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පක්ෂපාතී කණ්ඩායමේ වැඩ බලන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා අද පෙරවරුවේ පොලිසිය සමග එම මුලසස්ථානයට ඇතුලු විම සඳහා ගිය අවස්ථාවේදී එහි දොරගුළු ඇරීමට අවශ්‍ය යතුරු නැති නිසා මහත් අපහසුතාවයකට පත්විය.

එම අවස්ථාවේදී වැඩ බලන ලේකම්වරයා පොලිසියට කියා සිටියේ තමා ඇතුළු කණ්ඩායමට ගොඩනැගිල්ලට ඇතුළු වීමට නොහැකි වීමේ වරද පොලිසිය බාරගත යුතු බවයි.

පසුගිය දිනෙක අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු පක්ෂ මූලස්ථානය තුළ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පිටව ගිය බවත් ඉන්පසු තමා කළ පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් මූලස්ථානයට සිල් තබා කිසිවකුට එහි ඇතුළු වීමට ඉඩ නොදුන් නිසා එහි සියලු වගකීම පොලිසිය භාරගත යුතු බවද වැඩි බලන ලේකම්වරයා කීය .

මෙහිදී වැඩිබලන ලේකම්වරයා සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්තාවයක් සහ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පැමිණ සිටි පාක්ෂිකයන්ද පොලිසියට විවිධ දේ කීහ.

අවසානයේ වැඩ බලන ලේකම්වරයා ද ගොඩනැගිල්ලට ප්‍රවේශ වන ගේට්ටුවට අලුතින් ඉබි යතුරු දමා පක්ෂික පිරිස සමඟ එම ස්ථානයෙන් පිටව ගියහ .

 

 



අදහස් (8)

ශ්‍රීලනිප මූලස්ථානයට තවත් ඉබ්බෙක්

Bamunuarachchi Wednesday, 10 April 2024 02:02 AM

මොන ඉබ්බෝද ගොයියෝ හීනි වැලි ටිකක් යතුරු හිලට දාපල්ලකෝ, යකඩ කුඩු දාන්න එපා කාන්දමකින් ඒවා අයින් කරන්න පුළුවන්. ඕවා අපි ඉස්කෝලේ යන කාලේ warden ගේ කාමරේට කරපුව. ඒ විතරක් නොවෙයි පොල් කොලයක් දාලා චු කෙරුවා. ඕවා ප්‍රයෝගික විහිළු.

:       0       2

ගමේ එකාලා Wednesday, 10 April 2024 03:00 AM

මේවට දෙකොනින්ම හිනා යනවා .හිටපු ජනාධිපතියත් සැප ගන්ඩ රට ගිහින් කියන්නේ ?

:       0       2

Bamunuarachchi Thursday, 11 April 2024 02:20 AM

ගම්බාට්ටෝ හිටපු ජනාධිපතිගේ ශාපය නොවෙයි උඹලා ගේ ශාපය ඔහුට හා අපිට වැදුනේ.

:       0       0

Prabha Wednesday, 10 April 2024 03:41 AM

බාලාංශේ ළමයි

:       0       2

ranjith Wednesday, 10 April 2024 06:42 AM

මුන් එකෙකුටවත් මහජන මතයක් නෑනේ .ඒ උනාට බල තන්හාවට එහෙට මෙහෙට පැන පැන ආරවුල් ඇති කරගන්න මේ වගේ උන්ට චන්දෙ දෙන්න තරම් ජනතාව මෝඩ නැහැ වර්තමානයේ

:       0       3

Nimal Wednesday, 10 April 2024 08:53 AM

පීනන්න බැරි ඉබ්බෝ

:       0       1

Songkran Wednesday, 10 April 2024 10:37 AM

මේ දවස්වලත් තායිලන්තයේ අවුරුදු ( ජල ක්‍රීඩා සහිත සොංක්‍රාරාන්ග් ) අපේ පොලොන්නරුවේ ගමරාලත් යන්න ඇත්තේ මදියි නොකියන්න හොදටම නාලා තෙමා ගෙනම එන්න තමා.

:       0       1

බර්ටි අනිල් Wednesday, 10 April 2024 04:41 PM

ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ලංකාවේ සංවර්ධනය අවුරුදු තිහකින් පස්සට ඇදපු පක්ෂයක් කියන්න පුළුවන්. පංච මහා බලවේගය ගෙනැවිත් සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කර කරපු විනාශයට අමතරව පක්ෂයේ නායකයාට වඩා රටේ අනෙකුත් ජනතාව දියුණුවට පත්වේවි කියලා රජයට ආදායම් බදු ගෙවූ මිනිස්සු මර්දනය කර රටේ ආර්ථිකය දුර්වල කර රට අගාධයකට හෙලීමටත් කටයුතු කළා... එයට අමතරව පක්ෂයේ ගැත්තන්ට සුදුසුකම් නොබලා ගැත්තන්ගේ සුදුසුකම් අනුව බඳවා ගැනීමේ පරිපාටි සකසා (1970-77 කාලයේ ) රජයේ රැකියා දීම ආරම්භ කළේ ඔය පක්ෂයේ ප්‍රබලයින් බව කියන්න පුළුවන්... දැන් මට මතක් වෙනවා රටට වඩා පක්ෂය ලොකුකරන්න පක්ෂයේ නායකයා ගැන හදා ගමක් ගානේ ගොස් ප්‍රදර්ශනය කළ චිත්‍රපටිය (ගමනක අවසානය)...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site