ආණ්ඩුවේ දැනට දරණ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වීමේ තීන්දුවක් ගැනීමට මධ්‍යම කාරක සභාව කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රීලනිපයේ ඇමැතිවරු පිරිසක් ජනපතිගෙන් ලිඛිතව ඉල්ලති.
එම ලිපිය නියෝජ්‍ය ඇමැති තිලංග සුමතිපාල මහතා අද (05) ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුර දී මාධ්‍යයට ලබා දුන්නේය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් අනුව ඇමැතිකම් භාර ගත් තමන් තනි පුද්ගලයන් වශයෙන් ඇමැති ධුරවලින් ඉල්ලා අස්වීම ශ්‍රීලනිපය වැනි පක්ෂයකට සුදුසු නොවන බවත්, සැමවිටම තීරණ ගත යුතු වන්නේ සාමූහිකව බවත් එම ලිපියේ සඳහන් කර ඇත.
තමන්ට අවශ්‍ය වන්නේ එජාපය සමඟ හවුල් ආණ්ඩුවක් හෝ ජාතික ආණ්ඩුවන් නොව ශ්‍රීලනිප ආණ්ඩුවක් බව ද, එජාප ආණ්ඩුවේ ඇමතිකම් බාර ගත්තේ ව්‍යවස්ථා සංශෝධන ශ්‍රීලනිපයට අවශ්‍ය පරිදි සම්මත කර ගැනීමේ අරමුණෙන් බව ද ඇමැතිවරු කියති.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීලනිප ඇමැතිවරු පදවි හළන්න යති
ගයාන් පෙරේරා Wednesday, 05 August 2015 10:42 PM
මහා මැතිවරණයක් කැඳවනවා කියන්නේ ඇමති තනතුරු අහෝසි වෙන බව දන්නේ නැද්ද? (නි)
ආර්. සම්පත් Wednesday, 05 August 2015 08:22 AM
දැන් ඇමතිකම් වලින් වැඩක් තියනවද තව සති 2 යි නේ තියන්නේ අනික පාර්ලිමේන්තුව විසිරුවලා ඉවරයි නේ (ම)