IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපය සමඟි කරන්න කමිටුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුකම සංධානයේ ජයග්‍රහණය බැවින් ඉදිරියේ දී පක්ෂයේ නායකයන් අතර සුහදතාවය වර්ධනය කර කටයුතු කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අද පැවැති ශ්‍රීලනිප නියෝජිත හමුවේදී තීරණය කළ බව සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.

ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පළාත් සභා මැති ඇමැතිවරුන් හා අනුබද්ධ සංවිධානවල සහභාගීත්වයෙන් පදනම් ආයතනයේ දී එම විශේෂ හමුව පැවැත්විණි.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම, ටී බී ඒකනායක සහ ඩිලාන් පෙරේරා මහත්වරු පත් කරනු ලැබ සිටිති.



අදහස් (0)

ශ්‍රීලනිපය සමඟි කරන්න කමිටුවක්

මර්වින් Wednesday, 17 June 2015 03:30 AM

අපි ගිය පාරත් බස් වලින් සෙනග ඇදලා ,සියලුම මාධ්‍ය තනිවම පාවිච්චි කරලා , පොලිසියේ , ත්‍රිවිධ හමුදාවලින් බලෙන් වැඩ අරගෙනත් පරාද වුණේ. (ම)

:       0       0

නිවන්තක Tuesday, 16 June 2015 02:27 PM

මම නම් කියන්නේ ආණ්ඩුවට කඩේ යන අය නම් ඕනෑම නැහැ කියලයි (නි)

:       0       0

පවිත්‍රා Wednesday, 17 June 2015 03:45 AM

මගේ ගේ උනත් ඔට්ටු දානවා මේ පාර යු එන් පී එක දිනනවා .ශ්‍රී ල නි ප බඩ යන්න පරාද වෙනවා. හොරු දේශපාලනයෙන් එළවා දමනවා (නදී)

:       0       0

තිලිණි Tuesday, 16 June 2015 04:23 PM

මේ කමිටුවට අර මැතිණිය නැද්ද? (නි)

:       0       0

රාණි Tuesday, 16 June 2015 12:10 PM

අපෝ එපෝ, මහින්දට ඔය හාල්පාරුවන්ගෙන් වැඩක් නැහැ. මුළු රටේම ජනතාව මහින්ද එක්කයි (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 17 June 2015 07:33 AM

ඒ කියන්නේ ශ්‍රීලනිපය මෙච්චර කාලයක් ඇදී ඇදී ගිහින් තියෙන්නේ අසමගියෙන් කියන එකද?(ම)

:       0       0

රශ්මිකා Wednesday, 17 June 2015 12:51 AM

අපි නම් ඉතින් මහින්ද රාජපක්ෂගේ පැත්තේ තමයි. (නි)

:       0       0

අර්ජුන Wednesday, 17 June 2015 07:46 AM

ශ්‍රීලනිප අතීසාරයට හය දෙනෙකුගෙන් අමුඩ කමිටුවක්! එජාප, ශ්‍රිලනිපය ප්‍රමුඛ හවුල් ආණ්ඩව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳව ජනතාවගේ දැඩි විරෝධයක් මේ වනවිට එල්ල වෙමින් පවතින අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලුම දූෂිතයින් හා දූෂිතයින් රකින පිරිසද ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පියවර ගත යුතුය. (ස)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Thursday, 18 June 2015 05:58 PM

මගේ සීයා මෙහෙම කියනවා : "යා දෙක නොරත රත - සමඟ පැහීමක් නැත" කියලා. ඒක නම් සම්පුර්ණ ඇත්ත !!! (නි)

:       0       0

සමන්ත Tuesday, 16 June 2015 12:58 PM

රාණි, කමක් නැහැ. එකතු වුණොත් තවත් හොඳයිනෙ..! (නි)

:       0       0

විජයබාහු Tuesday, 16 June 2015 01:02 PM

විපක්ෂයට කඩේ යන කොන්ද පණ නැති අය නම් ඕනෑම නැහැ (නි)

:       0       0

අසේල Wednesday, 17 June 2015 01:31 AM

අනේ මන්දා දැන් මොනවද වෙන්නේ කියලා (නි)

:       0       0

පිටිගල Wednesday, 17 June 2015 01:41 AM

අපි නම් එස්.එල්.එෆ් .පී.එකට ඡන්දෙ දෙන්නේ නැහැ. (නි)

:       0       0

කමල් Tuesday, 16 June 2015 01:13 PM

හොරු සමඟ හෙලුවෙන් නම් අපිට එපා. (නි)

:       0       0

උපාලි Wednesday, 17 June 2015 02:19 AM

රටට අවශ්‍ය ඔහු කළ වැරදි විග්‍රහ කිරීම නොව, නොකළ වැරදි සහ කළ හොඳ දේවල් සළකාබලා මහින්ද යළි ඉදිරියට ගෙනඒමයි. වැඩ නොකරන මිනිසෙකුගෙන් වැරදිද සිදු නොවේ. (නි)

:       0       0

කරුණාදාස Wednesday, 17 June 2015 02:27 AM

කවුරු බලයට ආවත් අපිවයි රැවටෙන්නේ (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 17 June 2015 02:35 AM

ඔවුන් සමගි වෙන්නේ - අපිටයි වරදින්නේ.... මුල අමතක වන්නේ - මේ ඉතින් කොහේ යන්නේ.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 18 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site