IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශ්‍රීලංකාව-තායිලන්තය නිදහස් වෙළදගිවිසුම අත්සන් කරන්න යයි

 

(විමුක්ති එස් රුද්‍රිගු)

නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් එම ගිවිසුමට අත්සන් තැබීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන පෙබරවාරි මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නව වෙනි වටයේ සාකච්ඡා පසුගිය 18 සිට 20 දක්වා පැවැත්වූ අතර එම සාකච්ඡාව සඳහා තායිලන්තයේ ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා කණ්ඩායමේ උපදේශක ඕරාමොන් සුප්තවීතුම් සහභාගී වූවේය.

නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා පසුගිය නොවැම්බර් මාසයේදී නැවත ආරම්භ විය.ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවීමත් කොවිඩ් වසංගතයත් හේතුවෙන් දෙරට අතර සාකච්ඡා වසර හතරක කාලයක් නැවතී තිබිණ.

නවතම සාකච්ඡාවටයේදී වෙළඳාම, සේවා, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ නීති රීති පිළිබඳව දෙපාර්ශවය එකඟ වූ බව තායිලන්ත බලධාරීන් ප්‍රකාශ කළේය.’

මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 320.37 ක වෙළඳ ගනුදෙනු සිදුව ඇත.

 



අදහස් (2)

ශ්‍රීලංකාව-තායිලන්තය නිදහස් වෙළදගිවිසුම අත්සන් කරන්න යයි

බද්රානි Friday, 29 December 2023 04:23 PM

තායිලන්ත කාන්තාවන් කරන ලෝකයේ පැරැණිම රැකියාව කිරීමට ශ්‍රී ලාංකික කාන්තාවන්ටත් අවස්තාවක් මේ ගිවිසුම හරහා ලැබෙනවා නම් ගොඩක් හොඳයි... ලංකාව තුළ හොරෙන් හා පිටරටවලදී ප්‍රසිද්ධියේ කරනවට වඩා මෙරට තුළ නිදහසේ නීත්‍යානුකූලව මේ රැකියාව කිරීමට ලැබෙනවා නම් කාන්තාවන්ට ඉමහත් අස්වැසිල්ලක්... පුරාජේරු ඉතිහාස කතාකියමින් වන්ශේ කබල් ගානවාට වඩා මේ ඉන්න ටික කාලේ කාලා ඇඳලා ජීවත් වෙලා මැරිලා යන්නයි ඕනෑ... ගන්න හිඟන වැටුපෙන් ජීවත් වෙන්න බැරි නිසා අමතර ආදායමක් ලබාගැනීමේ අවස්ථාවකුත් මේ තුළින් ඇතිවෙනවා.

:       2       11

Wickramasuriya Sunday, 31 December 2023 12:43 AM

අනිවාර්යයෙන්ම, ඒ අහිංසක කෙල්ලෝ තුට්ටු දෙකට විකුණලා කොමිස් අරං පාතාලය ජීවත් වෙන්නේ.., ඒ කාන්තාවන්ට කාලීන වෛද්‍ය වාර්තාවක් මත රජයෙන් අවසර පත්‍රයක් ලබාදෙන ක්‍රමයක් දියත් කර යුතුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site