IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශරීරයේ අඟපසඟ ඉවත් කළද රුව රැකදෙන කෘති‍්‍රම අවයව

රාගම යුද්ධ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ විකලාංග කාර්මිකාගාරය භාර හිටපු වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ලූතිනන් කර්නල් - නිමල් ආරියරත්න

 

අද අපි පරිභෝජනය කරන විවිධ රසායනික මිශ‍්‍ර ආහාර නිසා මිනිසා විවිධාකාර රෝගාබාධ වලට ලක්වෙන බව අපි කවුරුත් දන්නා කරුණකි. රසායනික පොහොර හා පළිබෝධනාශක විශාල වශයෙන් භාවිතා කිරීම අප ආහාරයට ගන්නා සහල් සහ එළවළු ආහාරයට ගැනීමට සුදුසු නොවන තත්ත්වයට පත් කරයි. මේ පිළිබඳව මනා දැනුමක් නොමැති ගොවියා අවශ්‍ය ප‍්‍රමාණයට වඩා දෙතුන් ගුණයකින් වැඩි ප‍්‍රමාණයක් රසායනික පොහොර හා පළිබෝධනාශක වගාවට යෙදීම ඉතා බරපතළ ප‍්‍රශ්නයක් බවට පත්වී ඇත.

images-(3)

ආහාර ද්‍රව්‍ය කල්තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍ය මෙන්ම ඉක්මනින් ඉදවා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍ය ද සිරුරට ඉතා හානි දායක බව සොයාගෙන ඇත. බොහෝ රසායනික ද්‍රව්‍ය නිසා ආහාරවල රස ගුණ දෙකම විනාශ වේ. මෙම විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර ගැනීමෙන් සිදුවන භයානකම ප‍්‍රතිඵලය නම් මිනිසා පිළිකා රෝගයට ලක්වීමයි. මුඛ පිළිකා, ආමාශ පිළිකා, අන්ත‍්‍රවල පිළිකා, ගුදයේ පිළිකා යන පිළිකා සියල්ලම ආහාර මාර්ගය ආශ‍්‍රිත ඒවා වන අතර මේවා අද සමාජයේ ඉතා බහුලව දකින්නට ඇත. එම පිළිකා වලට ප‍්‍රධාන වශයෙන්ම බලපාන ප‍්‍රධාන සාධකය වන්නේ අප ගන්නා ආහාරවල ගුණාත්මක තත්වය, පිරිසිදුභාවය නැවත සකස් කරන ලද (රුසොබා) ඒවාද යන බව රසායනික ද්‍රව්‍ය රසායනික පොහොර වලින් හා පළිබෝධනාශක වලින් එකතු වූ කෙතරම් ප‍්‍රතිශතයක් අන්තර්ගතවී ඇත්ද යන කරුණු කාරණා වේ.

බැලූ බැල්මට අද මාතෘකාවට ඉහත සඳහන් කළ කරුණු අදාල නොවන බවක් පෙනුනත් සැබැවින්ම මේ ලිපියේ ඉදිරියේදී සාකච්ඡා කරන ශල්‍යකර්ම වලට බඳුන් වන රෝගීන්ගේ ශරීර කොටස් ඉවත් කිරීම වළකා ගැනීමට ඉහත සඳහන් කළ තත්ත්වයෙන් මිදී ජීවත්වීම මහත් සේ ඉවහල් වන බව ඔබට මනාව ප‍්‍රත්‍යක්‍ෂ වනු ඇත.

විවිධ රෝග තත්ත්ව නිසා විශේෂයෙන්ම පිළිකා රෝගය නිසා ජීවිතය ආරක්‍ෂාකර දීමට රෝගියාගේ සිරුරේ සමහර කොටස් ඉවත් කිරීමට සිදුවෙන බව ඔබද දන්නා කරුණකි. දිව ,මුහුණේ කොටසක් ,එක් හණුවක් ,කනක්, ආමාශයේ කොටසක් ,අන්ත‍්‍රවල කොටසක්, ගුද මාරගයේ හෝ ගුදයේ කොටසක් එක් පියයුරක් හෝ පියයුරු දෙකම ගර්භාෂය  අත්පා වල කොටස් මෙසේ ඉවත් කිරීමට සිදුවෙන අවස්ථා එතරම් විරල නොවේ. මෙහිදී අපි විශේෂයෙන් සළකා බලන්නේ කෙනෙකුගේ රූපාලංකාරයට බලපාන ශරීර කොටස් අහිමිවීම පිළිබඳවයි. ඒ අතරිනුත් කාන්තාවන් පීඩාවට හා දුකට මෙන්ම ලජ්ජාවටද පත්වෙන ශල්‍යකර්මයක් නම් ඔවුන්ගේ පියයුරක් හෝ පියයුරු දෙකම ඉවත් කිරීමේ ශල්‍ය කර්මයයි. එහෙත් මාරාන්තික පිළිකාවක් නිසා පියුයරු ඉවත් කළද කාන්තාවන් දැන් බිය විය යුතු නැත.  රෝගියාගේ කලවෙන් හෝ තට්ටමෙන් ලබා ගත් මාංශ පේශී යොදා ගැනීමෙන් අලූතින් පියයුරු නිර්මාණය කිරීමට නූතන ලොවේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ට හැකියාවක් ඇත. අප රටේද දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරු සිටින අතර ඔවුන් මේ සැත්කම ඉතා සාර්ථකව සිදු කරයි.

images-(1)1

මෙවැනි ශල්‍ය කර්මයකට අකමැති අයට කෘත‍්‍රිම පියයුරු ලබා ගැනීමෙහි හැකියාව ඇත. විවිධ මිල ගණන් යටතේ වෙළඳපොළෙන් ලබාගත හැකි මෙම කෘත්‍රිම පියයුරු පැළඳු පසු අදාල කාන්තාව ශල්‍ය කර්මයකින් පියයුරක් ඉවත් කරන ලද තැනැත්තියක් බව කිව නොහැකිය. තරමක් මිල අධික වුවද ‘‘සිලිකන් ජෙල්’’භාවිතා කර නිපදවන ලද උසස් තත්ත්වයේ කෘත්‍රිම පියුයරු අද වන වට ශ‍්‍රී ලංකාව තුළදී මිලදී ගැනීමේ හැකියාව ඇත.

අක්‍ෂි ගෝලය ඉවත් කිරීමට සිදුවීම නිසා පෙර මෙන් අවි කණ්ණාඩියක් පැළඳ රෝග තත්ත්වය වසන් කිරීමට දැන් අවශ්‍ය නොවේ. ස්වභාවික අක්‍ෂී ගෝලය වැනිම වූ අක්‍ෂිගෝල වෙළෙඳපොළෙන් ලබා ගත හැකි නිසා ඇස නොපෙනුනත් ඇස් දෙකම පෙරසේ පවතින බව අන් අයට හැඟෙන සේ එම පුද්ගලයාට සමාජයේ ගැවසිය හැකිය.

හිසකෙස් වැටීම නිසා තට්ටය පෑදුන අයට කෘත්‍රිම ලෙස හිසකෙස් නැවතත් සිටුවා ගැනීමට පහසුකම් ශ‍්‍රී ලාංකාව තුළ ඇති බව ප‍්‍රසිද්ධ දෙයක් වුවද තවමත් ඒ ගැන නොදන්නා අය අප අතර සිටිය හැක. තරමක් මිල අධික වුවද හිසකෙස් යෑම නිසා මානසික පීඩාවෙන් පෙළෙන අයට විශේෂයෙන් කාන්තා පක්‍ෂයට මෙය ඉතා ප‍්‍රීතිදායක පුවතක් වන බව නොඅනුමානය.

හදිසි අනතුරකදී  කන සම්පූර්ණයෙන්ම  හෝ කන් පෙත්තෙන් කොටසක් ඉවත් කිරීමට සිදු වුවහොත් බියක් ඇතිකර ගත යුතු නැත. විවිධ ප‍්‍රමාණවලින් ස්වභාවික කන්වලට බොහෝදුරට සමාන කෘති‍්‍රම කන් දැනට වෙළඳපොළෙන් ලබා ගත හැක. කනක් අහිමිවීමේ අඩුව මනාව මකා ගැනීමට මෙම කෘත්‍රිම කන් බොහෝදුරට ඉවහල් වෙයි.

නාසය ඉවත් වුවද දැන් බිය විය යුතු නැත්තේ නාසයක් ලබා ගැනීම ඉතා පහසු දෙයක් වන නිසාය. නාසයෙන් පුද්ගලයාගේ පෞර්ෂය හා මුහුණේ ප‍්‍රතාපවත් ගතිය සඳහා විශාල දායකත්වයක් ලැබෙන හෙයින්  බාහිර පෙනුම සැලකීමේදී නාසයට ප‍්‍රධාන ස්ථානයක් හිමිවෙයි. නවීන ලෝකයේ තරුණයන් කෘත්‍රිම නාස පැළදීම සුලභ දෙයක් බවට පත්වී ඇත.

images-(2)

සුප‍්‍රසිද්ධ පොප් ගායක මයිකල් ජැක්සන් පවා කෘති‍්‍රම නාසයක් පැළඳ සිටි බවත් එයින් ඔහුට ආකර්ශනීය පෙනුමක් ලැබුණු බවත් බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.

කෘති‍්‍රම අත්පා පිළිබඳව අද සමාජය යම් ප‍්‍රමාණයකට දැනුවත්ව සිටීම නිසා ඒ පිළිබඳව විස්තර කිරීමට අදහස් නොකරමි. එහෙත් අත් දෙක වැලමිට හන්දියට උඩින් කපා දමා ඇති අයකු කෘත්‍රිම අත් දෙකක් පැළඳගෙන මෝටර් රථයක් පැදවීම, හැඳි ගෑරුප්පු වලින් ආහාර ගැනීම, කැමරාවෙන් ඡායාරූප ගැනීම තම ඇඳුම් තනිවම ඇඳිම හා ගැලවීම කර ගැනීම කරන බව මා පැවසුව හොත්  ඔබ සමහරවිට විශ්වාස නොකරනු ඇත. එහෙන් මාද දෑසින් දැක ඇති එය සත්‍යයකි. දෙපා අහිමි ගුවන් නියමුවකු කෘතිම පාද පැළැඳ ගුවන් යානා පැදවූ අයුරු ‘‘සැබෑ මිනිසකුගේ කථාවක්’’කියවා ඇත්නම් ඔබට සිහිපත් වනු ඇත.

තම සිරුරේ යම් යම් කොටස් නොවැළැක්විය හැකි හේතු නිසා ඉවත් කළද තමන්ගේ රූ සපුව පෙර පරිදිම පවත්වා ගැනීමට හැකි නවීන නිෂ්පාදන බිහිවී ඇති බව දැන ගැනීමෙන් මෙම තත්ත්වයට පත්වී ඇති සියල්ලෝම සතුටට පත්වනු නොඅනුමානය.

කෘත්‍රිම අවයව භාවිතයට මහත්සේ මඟ සලසන කෘත්‍රිම ආහාර වලින් වැළකී උපන්දා ලද අඟ පසඟ මිය යනතුරු රැක ගැනීමට අදිටන් කර ගන්නා ලෙස සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිමි.

 



අදහස් (0)

ශරීරයේ අඟපසඟ ඉවත් කළද රුව රැකදෙන කෘති‍්‍රම අවයව

ලලිත් කුමාර Wednesday, 30 March 2016 12:16 PM

මා දකුණු අත වැළමීටෙන් පහළ නැති අයෙකි. අතක් ලබාගන්නේ කෙසේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site