IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශිරාණි දවසකට වැඩ භාර ගනියි

43 අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පසුගිය රජයෙන් ඉවත් කළ ආකාරය නීති විරෝධී හෙයින් ද, 44 වැනි අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් පත් වීම ද ඒ නිසා නීති විරෝධී වන හෙයින්  ද ස්වාධීන අධිකරණයක ආලෝකය දැල්වීම සඳහා නීති විරෝධී පදවියෙන් ඉවත්ව යන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති මොහාන් පීරිස් අගවිනිසුරුට ලිපියක් යවා ඇතැයි නීතීඥ එකමුතුවේ කැඳවුම්කරු ජේ සී වැලිඅමුණ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු කුටිය ඉදිරිපිට දී ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ ශිරාණි බණ්ඩාරනායක 43 වැනි අගවිනිසුරුවරිය වැඩ භාර ගෙන අදම විශ්‍රාම යෑම සඳහා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙන බවයි.

පසුගිය රජය ඇය සේවයෙන් පහ කළේය.

නීතීඥවරු සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ද ඇය පිළි ගැනීම සඳහා අලුත්කඩේ උපරිමාධිකරණයේ රැස්වී සිටිති.

අලුත්කඩේ අද උද්ඝෝෂණයක් පැවැතිය ද අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය. අගවිනිසුරු මොහාන් පීරිස් පැමිණ සිටි බවක් දක්නට නොලැබිණි.

 

 

 

 



අදහස් (0)

ශිරාණි දවසකට වැඩ භාර ගනියි

පිවිතුරු Wednesday, 28 January 2015 12:26 PM

මෙහෙම අගවිනිසුරු කෙනෙක් ගෙදර යවන ක්‍රමවේදයක් ව්‍යවස්ථාවේ තිබෙනවද? (නි)

:       0       0

අබේ-ටෝකියෝ Wednesday, 28 January 2015 03:19 PM

අනේ අපේ රටේ නීතිය! (නි)

:       0       0

හරීන්ද්‍ර Wednesday, 28 January 2015 07:49 AM

ජය වේවා මැතිනියනි. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 28 January 2015 08:56 AM

අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් තියෙද්දී නිත්‍යානුකුලව විධායකය හා වයවස්තාදායකය මගින් ඉවත් කර තියෙද්දී මෙයා කොහොමද දවසකටවත් අග විනිසුරු වෙන්නේ. හරි හරි මේ යහ පාලනයනේ. අමතක උනා යහපාලනේදී එහෙම තමයි වෙන්න ඕනා. (නදී)

:       0       0

එන් සමන් වීරසූරිය Wednesday, 28 January 2015 10:36 AM

එතකොට මොහාන් පීරිස් මහත්තයා දීපු තීන්දුත් නීති විරොදියි නේද එතකොට ඒවට මොකද වෙන්නේ (නදී)

:       0       0

යසපාල Wednesday, 28 January 2015 10:48 AM

මම නම් මේවාට මොකුත්ම කියන්නේ නැහැ ඔන්න (නි)

:       0       0

දුමින්ද Thursday, 29 January 2015 03:40 AM

කවුරු මොනවා කළත් අන්තිමේදී මේ රටේ නීතිය බුලත් හපයක් වගේ වෙලා අවසානයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site