IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශාන්ත පීතර කී‍්‍රඩකයෝ 20 න් පහළ සත් සාමාජික රග්බි ශූරතාව දිනති

සමස්ත ලංකා අවුරුදු 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලියේ කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී ප‍්‍රබල ඉසිපතන කණ්ඩායම හමුවේ ලකුණු 12-10 ක තියුණු ජයක් ලබාගත් ශාන්ත පීතර විද්‍යාලයීය කී‍්‍රඩකයෝ කුසලාන ශූරතාව දිනාගැනීමට සමත්වූහ. ශාන්ත පීතර විද්‍යාලයේ අනුරාධ හේරත් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයාට හිමි කුසලානය දිනාගත්තේය. 

අවසන් මහ තරගයේදී පේ‍්‍රක්ෂකයින්ට ඉතාමත් තියුණු තරගයක් දැකගැනීමට හැකිවුණ අතර කණ්ඩායම් දෙකම කරට කර තරග වැදිණ.

පළමු භාගය තුළ උත්සහක දිනුම් දෙකක් සමගින් ලකුණු 10 ක් රැස්කළ ඉසිපතන කී‍්‍රඩකයෝ පළමු භාගය අවසන් වන විට 10-00 ලෙස තරගයේ පෙරමුණ ගත්හ. එසේ වුවත් දෙවැනි භාගය ආරම්භ වීමත් සමගම ශාන්ත පීතර කී‍්‍රඩකයෝ නැවතත් තරගයට අවතීර්ණ වෙමින් ගෝලයක් සහ උත්සහක දිනුමක් සමගින් ලකුණු 12 ක් ලබා ගෙන 12-10 ක් ලෙස තරගය ජයගත්හ. 

මහනුවර ධර්මරාජ විදුහල හමුවේ 14-12 ක තියුණු ජයක් වාර්තා කරමින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අතර කොළඹ ඉසිපතන විදුහල අවසන් මහ තරගයට පැමිණියේ මහනුවර කිංස්වුඞ් විදුහල 17-05 ක් ලෙස පරාජය කරමිනි.

තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම වූ දිනේශ් ලක්මාල්ගේ නායකත්වයෙන් යුත් බොරැල්ල සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල් පිල, පළමු වටයේ තරග වලදී මහනුවර ති‍්‍රත්ව සහ පන්නිපිටිය ධර්මපාල විදුහල් පරාජය කළ අතර අර්ධ අවසන් පූර්ව වටයේදී ශාන්ත පීතර විදුහල හමුවේ පරාජයවීම හේතුවෙන් ඔවුන්ට පළඟ ශූරතාවය සඳහා කී‍්‍රඩා කිරීමට සිදුවිය. එහි අවසන් පූර්ව වටයේදී ප‍්‍රබල රාජකීය විදුහල පරාජය කළ ඔවුහු අවසන් මහ තරගයේදී කොළඹ නාලන්දා විදුහල ලකුණු 17-05 ක් ලෙස පරාජය කරමින් පළඟ ශූරතාව දිනාගැනිමට සමත්වූහ.

ගල්කිස්ස විද්‍යා විදුහල තරගාවලියේ බඳුන ශූරතාවය දිනාගත්තේ ලකුණු 14-07 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කරමිනි. ලකුණු 19-00 ලෙස ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල හමුවේ පහසු ජයක් වාර්තා කළ කොළඹ ආනන්ද කී‍්‍රඩකයෝ තරගාවලියේ පළිහ ශූරතාවට හිමිකම් කීහ.

ගල්කිස්ස ශාන්ත තෝමස්, කොටහේන ශාන්ත බෙනඩික්, නුගේගොඩ ශාන්ත ජෝන් සහ කොළඹ කේරි යන විදුහල් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතව සිටියද අවසන් මොහොතේ ඔවුහු  තරගාවලියට පැමිණීමෙන් වැළකී සිටියහ.

කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී ඊයේ (16) සහ අද(17) පැවති මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 21 ක් ඉදිරිපත්වී තිබිණ. තරගාවලිය සිංගර් සමාගමේ අනුග‍්‍රහය යටතේ පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද්දකි.

තරග ප‍්‍රතිඵල

කුසලාන ශූරතාව

අවසන් මහ තරගය -

  • බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් කොළඹ ඉසිපතන විදුහල පරදවා ජය ලැබීය. (12-10)

අවසන් පූර්ව වටය -

  • බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් මහනුවර ධර්මරාජ විදුහල පරදවා ජය ලැබීය. (14-12)
  • කොළඹ ඉසිපතන විදුහල විසින් මහනුවර කිංස්වුඞ් විදුහල පරදවා ජය ලැබීය. (17-05)    

පළඟ ශූරතාව

අවසන් මහ තරගය -

  • බොරැල්ල සී. ඩබ්. ඩබ්. කන්නංගර විදුහල විසින් කොළඹ නාලන්දා විදුහල පරදවා ජය ලැබීය. (17-05)

අවසන් පූර්ව තරග -

  • බොරැල්ල සී. ඩබ්. ඩබ්. කන්නංගර විදුහල විසින් කොළඹ රාජකීය විදුහල පරදවා ජය ලැබීය. (17-05)
  • කොළඹ නාලන්දා විදුහල විසින් කොළඹ ඞී. එස්. එස්. සේනානායක විදුහල පරදවා ජය ලැබීය. (19-05)         

බඳුන ශූරතාව

අවසන් මහ තරගය -

  • අවසන් මහ තරගය - ගල්කිස්ස විද්‍යා විදුහල විසින් කොළඹ වෙස්ලි විදුහල පරදවා ජය ලැබීය. (14-07)

අවසන් පූර්ව තරග -

  • ගල්කිස්ස විද්‍යා විදුහල විසින් පිළියන්දල මධ්‍ය විදුහල පරදවා ජය ලැබීය. (33-05)
  • කොළඹ වෙස්ලි විදුහල විසින් කොළඹ ලූම්බිණී විදුහල පරදවා ජය ලැබීය. (41-05)     

පළිහ ශූරතාව

අවසන් මහ තරගය -

  • කොළඹ ආනන්ද විදුහල විසින් ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල පරදවා ජය ලැබීය. (19-00)

අවසන් පූර්ව තරග -

  • කොළඹ ආනන්ද විදුහල විසින් මහනුවර ධර්මරාජ විදුහල පරදවා ජය ලැබීය. (26-00)
  • ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල විසින් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරදවා ජය ලැබීය.      

 

ඡයාරූප: ශානුක අරවින්ද

කුසලාන ශූරතාව දිනූ ශාන්ත පීතර විදුහල් කණ්ඩායම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පළඟ ශූරතාව දිනූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල් කණ්ඩායම

 

 

 

 

 

 

 

 

 

 

 

 

තරගාවලයේ දක්ෂතම කී‍්‍රඩකයා

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

නාලන්දා විදුහල් කී‍්‍රඩකයෙකුට ඞී. එස්. සේනානායක විදුහල් කී‍්‍රඩකයෙකුගේන් වෙට්ටුවක්

 

 

 

 

 



අදහස් (0)

ශාන්ත පීතර කී‍්‍රඩකයෝ 20 න් පහළ සත් සාමාජික රග්බි ශූරතාව දිනති

ජගත් Sunday, 17 February 2013 11:33 PM

බලන්න වෙනස, කන්නන්ගර දුප්පත් උනත් දක්ෂ කොල්ලෝ.(නදී)

:       0       0

amith Monday, 18 February 2013 03:28 PM

ශාන්ත පීතර් වරුන් වාසනාවන්තයි ! . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site