IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ශාන්ත පීටර්ස්බර්ග්හි පිපිරීමකින් 10ක් මරුට

(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි - 055)

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි නගරාන්තර උමං දුම්රිය ස්ථාන දෙකක් අතරදී අද (2) සිදු වූ පිපිරීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. රුසියාවේ වේලාවෙන් අද (03) සවස්වරුවේ මෙම පිපිරීම වී ඇති අතර ඊයේ සවස් වනතුරුත් තුවාල ලැබූවන් මුදා ගැනෙමින් තිබිණි. 

රුසියාවේ සෙනායා ප්ලොස්චැඞ් නගරාන්තර දුම්රිය ස්ථානය වෙත ගිලන්රථ අටක් පැමිණි බව ද රොයිටර් පුවත් සේවය රුසියානු වාර්තා උපුටා දක්වමින් වාර්තා කර තිබිණි. බෝම්බ පිපිරීම්වලින් පසු ශාන්ත පීටර්ස්බර්ග්හි සියලු නගරාන්තර උමං දුම්රිය ස්ථාන වසා දැමීමට බලධාරීහූ කටයුතු කළහ. මෙම පිපිරීමෙන් පසුව උමං දුම්රිය ස්ථාන ද ඇතුළුව නගරයේ ආරක්ෂාව තර කිරීමට රුසියානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි. 

ශාන්ත පීටර්ස්බර්ග් යනු රුසියාවේ දෙවැනි විශාලතම නගරය වන අතර පිපිරීම සිදුවන විට දුම්රිය ස්ථාන ජනාකීර්ණව පැවැති බව ද රුසියානු පුවත් වාර්තා කර තිබිණි. 

ශාන්ත පීටර්ස්බර්ග් ආසන්නයේ ස්ටේ‍රලානා මාළිගයේ පිහිටි ජනාධිපති මන්දිරයේ සාකච්ඡාවක් පවත්වමින් සිටි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිපිරීමෙන් විපතට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට කනගාටුව පළ කළේය. 

රුසියාවේ මොස්කව් නුවර පොදු ප්‍රවාහන පද්ධති ඉලක්ක කරගනිමින් සටන්කාමීන්ගෙන් සහ ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ල වනු ඇතැයි එරට බුද්ධි අංශ මීට පෙර අනතුරු අඟවා තිබිණි. සටන්කාමීන්ගෙන් බොහෝමයක් සිරියාවේ සටන් වදින අයි.එස් ජිහාද්වාදීන් ලෙස පුහුණුව ලැබූ පිරිස් යැයි ද බුද්ධි අංශ හඳුනාගෙන  තිබිණි.

අතීතයේදීද රුසියාවේ පොදු ප්‍රවාහන පද්ධති ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල වී තිබේ. 

වසර 2013 දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වූ අතර එයින් 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වොල්ගෝග්‍රෑඞ්හි ප්‍රධාන දුම්රිය ස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් 18 ක් ජීවිතක්ෂයට පත්වූ අතර විදුලි මාධ්‍යයෙන් ගමන් කරන බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් අනෙක් 16 දෙනා ජීවිතක්ෂයට පත්වූහ. ඉස්ලාමීය කැරැලිකරුවන් 2011 වසරේදී ඩොමොඩෙඩෝවෝ ගුවන් තොටුපොළට එල්ල කළ ප්‍රහාරයකින් 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 



අදහස් (1)

ශාන්ත පීටර්ස්බර්ග්හි පිපිරීමකින් 10ක් මරුට

nimallalitha Thursday, 06 April 2017 08:18 AM

බල පෙරේත දේශපාලනය නිසා චන්ද කතිරයට ඇති කෑදර කමට මේ රටේ හිස ඔසවන මුස්‌ලිම අන්තවාදය ගැන නොසොයන දේශපාලකයන්ට මේවා හොඳ පාඩම්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2346 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site