IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශාන්ත අන්තෝනි බාලිකාවේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් රිමාන්ඩ්

(ෂේන් සෙනෙවිරත්න) 

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට කූඨ ලේඛන සකසා සිසුවියන් 29 දෙනෙකු ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි එම විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු සැප්තැම්බර් මස 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය .

මහනුවර දෙයියන්නේවල ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරිවරයා ද වන චමින්ද ප්‍රසන්න තෙන්නකෝන් නමැති සැකකරුට එල්ල වී ඇති චෝදනා වන්නේ කූඨ ලේඛන සැකසීම සහ ඊට අනුබල දීමයි .

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට මහත් පරිශ්‍රයක් දැරීමට සිදු වූ අතර ඔහුගේ කාර්යාලය සහ නිවස අවස්ථා ගණනාවකදී පොලිස් පරීක්ෂාවට ලක් කළත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය . ඒ හේතුවෙන් ඔහුට විදේශගත වීමේ අධිකරණ තහනමක්ද පොලිසිය මගින් ගෙන තිබුණි .

මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ .

 



අදහස් (0)

ශාන්ත අන්තෝනි බාලිකාවේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site