( මල්වාන ඩබ්ලිව්.ඩී.එම්. විතානගේ හා දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති )
මල්වානේ යබරලුව පුදේශයේ තිබෙන කඩවර දේවාලයකට ශාන්තිකර්මයක් සිදු කර ගැනීම සදහා ගිය ස්නායු ආබාධයකින් පෙළෙන හතලිස් හය හැවිරිදි විදුලි කාරිමික දෙදරු පියෙකුගේ දකුණු යටි පතුල දරුණු අන්දමින් පිළිස්සු බව කියන එම දේවාලයේ කපුවා හා ඔහුගේ පුතා අත් අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි.
මෙහිදී මැටි පහනකට කපුරු දමා දල්වා යටි පතුලට ඇල්ලීමෙන් දරුණු ලෙස පිළිස්සුණු තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට මේ වනවිට නේවාසිකව පුතිකාර ලබන අතර ඔහුට කතා කිරීමට පවා නොහැකි තත්ත්වයක පසුවන බවද පොලිසිය සදහන් කරයි.
මෙම තුවාලකරුගේ බිරිඳගේ හා ඔහුගේ සොහොයුරියගේ ප්‍රකාශ මත එම දේවාලයේ කපුවා හා පුතා මෙසේ අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
ඉකුත් 18 වැනිදා පස්වරුවේ ස්නායු ආබාධයකින් පෙළෙන මේ දෙදරු පියා එම දේවාලයට රැගෙනවිත් කපුවා ලවා ශාන්තිකර්මයක් සිදු කර ගෙන නුලක් බැඳ ආපසු නිවෙසට එක් කර ගෙන ගොස් තිබෙන අතර නිවසේදී පස්වරු 6 .30 ට පමණ ඔහු" හු " කීමට පටන් ගෙන තිබෙන නිසා නැවත දේවාලයට රැගෙන ගොස් තිබෙන බවට නිවැසියන් පැවසු බවද පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශාන්තිකර්මයක් කර යටිපතුල පිලිස්සු කපුවා-පුතා අල්ලයි
Prabha Wednesday, 20 December 2023 02:35 PM
2024 වෙන්නත් එනවා... අපේ මිනිස්සු තමයි මේ කපුවන්ට අහුවෙන්නේ...