(ලසන්ත නිරෝෂණ පෙරේරා)
කහවත්ත වේ ගග විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සදහා ජලය මුදාහරින උමගක බිත්තියක් පුපුරා ජලය කාන්දුවිමට පටන් ගෙන ඇතැයි ගම්වාසීහු පවසති.
එම ජල කාන්දුව සිදු වෙන ස්ථානයට පහළ පවුල් පහක පිරිසක් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි එම ගම්වාසීන් බලධාරීන්ට දැනුම් දි තිබේ .
වේ ගග ජල විදුලි බලාගාරය පුද්ගලික ආයතනයක් සතුය. ගම්වාසීන් එම බලාගාරයේ නිලධාරීන්ට ද මේ ගැන දැනුම් දි මේ දිනවල ජලය මුදාහැරිම සීමා කරන ලෙසද ඉල්ලම් කර තිබේ.
බන්ට් එකේ දෙපැත්තේම බිත්ති පුපුරලා. එක් පැත්තක බිත්තියකින් ජලය කාන්දු වෙනවා. වර්ෂාපතනය වැඩි වෙන විට බලාගාරයට වේ ගගේ ජලය මුදාහරින විට ජලය මුදාහරින වේගය වැඩිවිමෙන් හානියක් විය හැකි බව ද ගම්වාසීහු කියති .
වේ ගග විදුලි බලාගාරයේ නිළධාරියෙක් පැවසුවේ ගම්වාසීන් කිහිප දෙනකු කළ දැනුම් දිම ගැන පාලනධිකාරිය දැනුවත් කර ඇති බවයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වේ ගඟේ ජල උමගක බිත්තියක් පුපුරයි
Nandalal DE SILVA - France Sunday, 23 June 2024 08:49 PM
කවුද ඔය උමග/වෙල්ල අපිට "තෑගි දුන්නේ" ? චීනයද, ඉරානයද? ප්‍රමිතියෙන් බාල, වැඩ නුපුරුදු රටවල් මෙවැනි තෑගි අපි වගේ රටවලට ප්‍රදානය කරලා, ඒ රටවලට නැති ප්‍රශ්න ඇතිකරන බව ඉතිහාසයේ තිබෙනවා... දැන් ඉතින් ඒ අසල පහත් බිම් වල ජීවත්වන අසරණ රටවැසියා බෙදාගැනීම රජය සතු වගකීමක් වෙනවා..!
Bunny Preena Monday, 24 June 2024 12:21 PM
ලොකු විනාශයක් වුණාට පස්සෙනේ අපේ අය වැඩ පටන් ගන්නේ..