(යොහාන් භාසුර)
සෙසු රාජ්‍ය සේවකයන් මෙන්ම වෛද්‍යවරුන් ද වයස 60 දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන ඇති තීරණය වඩාත් හොඳ තීරණයක් බවත් එය තරුණ වෛද්‍යවරුන්ගේ වෘත්තිය අනාගතයට වඩා සුබදායි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (2) පැවසීය.
වෛද්‍යවරු වයස 60 න් විශ්‍රාම ගැන්වීමෙන් සෞඛ්‍ය සේවය කඩාවැටෙන්නේ යැයි ඇතැමුන් ගෙනයන ප්‍රචාරය නොමඟයැවීමක් බව කී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා තරුණ දක්ෂ දෛ්යවරු විශාල පිරිසක් රට තුළ සිටින බව ද සඳහන් කළේය.
වෛද්‍යවරු 200 පමණ පිරිසක් මෙම විශ්‍රාම ගැන්වීමේ තීරණයට සහය පළකරමින් ලිපියක් යොමුකර ඇති බවත් රට තුළ කිසිඳු අයුරකින් විශේෂඥා වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති නොවන බවත් වෛද්‍ය බෙල්ලන මහතා කීය.
කොළඹ, ගාල්ල සහ මහනුවර ආදි ප්‍රදේශවල සේවය කරන ඇතැම් විශේෂඥා වෛද්‍යවරු එම ප්‍රදේශ අතහැර යෑමට දක්වන අකමැත්ත හේතුවෙන් විශ්‍රාම වැටුප 63 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලීම් කරන බවත් මෙම ඉල්ලුමට රජය ප්‍රතිචාර නොදැක්විය යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
දොස්තරලාට විශ්‍රාම ගිහින් දිගින් දිගටම පුද්ගලික රෝහල්වල සහ චැනල් මධ්‍යස්ථානවල සේවය කරන්න පුළුවන්...
ඔබතුමාම නේද ගිය අවුරුද්දෙ කිව්වේ වෛද්‍ය විශ්‍රාම වයස අවුරුදු 65 කරන්න කියලා. 63 කලහම කිව්වා ඒක මදියි 65 කරන්න කියලා. දැන් 60 කරපු එක හොදයි කියනවා. දිව කියන අවයවයේ අස්ථි නැති නිසා කමක් නැහැ. වෛද්‍යවරුන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිහින් පූර්ණ කාලීනව පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන්න පටන් ගනියි. තව පිරිසක් රට යාවි. සල්ලි තියෙන කෙනාට කොහොමත් ප්‍රශ්නයක් නෑ. දුප්පත් මනුස්සයෙක්ට දක්ෂ වෛද්‍යවරුන්ගේ සේවය නොමිලේ ගන්න තියෙන අවස්ථාව නැති වෙන එක විතරයි මේකෙන් වෙන්නෙ.
මැරෙනකම්ම වෙද නලාව විශ්‍රාම නොයන දක්ෂ උගත්කම....!
සෞඛ්‍ය සේවය කඩා වැටෙනවා නම් 63ක් විශ්‍රාම ගියත් කඩා වැටෙනවානේ... මේවා බොරුකතා... ඇතුළෙන් දක්ෂයින් බිහිවෙන ලෝකයට අපි ජීවත් වෙන්නේ... නිකන් විහිළු කතා මේවා...!
ලංකාවට එක නීතියක්... වහාම අස්වෙලා යන්න. ගිලිහීම අපිට පඩි ගෙවන්න බෑ...
සුදු ඇඳුම අඳින රාජ්‍ය සේවය කරන "හෙළු" විරු හා "හෙද" විරු කොටස් දෙකක් ලංකාවේ ඇත.! හෙළ විරුවන් වෙද නලාවෙන් රටට විශාල සේවයක් කර බොහෝ ජීවිත ගොඩදමා වයස 60 වුනාම විශ්‍රාම යයි..! ඒත් දියවන්නාවේ හෙළු විරු උඩ සාක්කුවේ දාගෙන ඉන්න පෑනෙන් අත්සන ගහලා බොහෝ ජීවිත අසරණ කරදමා වයස 60 වෙලත් විශ්‍රාම නොයයි..
බහුතරයක් තරුණ වෛද්‍යවරුන් සහ ඇතැම් විශේෂඟ වෛද්‍යවරුන් බහුතරයක් ඉන්නෙ ගෙවල් වල සහ පුද්ගලික රොහල් වල තමා. සේවා මුර කිය කිය මාසෙට දවස් 10 ක් වත් වැඩට යන්නෙ නෑ. ඒ උනාට අතිකාල ඔක්කොම ගන්නව. ඒකට තමා අනිත් සියලුම සේවවල ක්‍රියාත්මක උනත් මේ ගොල්ලො ඇඟිලි සලකුණු යන්ත්‍ර ගේනවට විරුද්ද. විශේෂයෙන්ම බහුතරයක් දන්ත වෛද්‍යවරු 8-12 විතරයි රෝහලෙ ඉන්නෙ. සති අන්තවලත් ගෙදර. පඩිය ලක්ෂ 2 යි. හොරට අතිකාල දා ගෙන. හැබැයි අතැම් රොහල් වල වෛද්‍ය හිඟයක් තියෙනව. හොරට ඉන්න අය එවට දැම්මනම් හරි. නැත්තම් ඒ රෝහල් වල කාර්යය මණ්ඩලය පඩියට වැඩිය සේවයක් කරනව
මේ ප්‍රකාශය කළ අය වෛද්‍ය සේවයේ සිටින තාක් රෝගීන්ට දෙවියන්ගේ පිහිටයි.
මොහු වගකීම් විරහිත ප්‍රකාශ කරන වෛද්‍ය වෘත්තියටම නිගා දෙන ආත්මාර්ථකාමී චරිතයක්. හොඳට බැලුවොත් මෙයාට ඉහලින් සිටින වෛද්‍යවරුන් කිහිපයක් විශ්‍රාම ගැන්වීමේ පෞද්ගලික අවශ්‍යතාවක් ඇති.
ඇති යන්තම් ධනාත්මක දෙයක් කිව්වා. තරුණ වෛද්‍ය වරුන්ට වැඩ කරන්න ඉඩ දීලා මැරෙණකම් සියල්ල බදාගෙන ඉන්න අය ගෙදර යන්න එපැයි. ජනතාවට ඔය තරම්ම ආදරේ නමි නොමිලේ සේවය කිරීමේ හැකියාව තියෙනවනෙ.
ඉක්මනට යවන්න ඔය අය වැඩ කරන්න ප්‍රයිවෙට් ක්ලිනික් වල, රජයේ පඩිය ගන්නව
නොම්මර එකේ මීහරකක් තප්පුලනවා
හොදම අදහසක්. සෞඛ්‍ය සේවයට අඅදාල සියලුම අන්ශවල සේවකයන් විශේෂයෙන් මහජන සෞඛ්‍ය නිලධාරීන් MOH වල ඉන්න බොරු කරන සේවකයෝ ගැන වඩාත් සැලකිලිමත් වෙලා ඔවුන්ට වැඩ කිරීමට බැරිනම් අනිවාර්යයෙන් 60 විශ්‍රාම යැවිය යුතුයි
වයසක වෛද්‍යවරුන් හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ නැතුව ලෙඩ්ඩු මැරෙයි කියලා වෙන්න ඇති නේද? වෛද්යවෘත්තියත් දැන් මාෆියාවක්...
අනේ මෙයාට කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා වෙනවා. දේශපාලකයන්ට කඩේ ගිහිල්ලා රටට හෙණ ගැහුවත් කමක් නැහැ මේ අයට...!
සෞඛ්‍ය පුද්ගලික කරලා සෞඛ්‍ය රක්ෂනයක් හදුන්වා දුන්නොත් නරකද