
(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)
බදුල්ල ශික්ශණ රෝහලේ සේවය කරන වෛද්‍යවරෙයකුට බදුල්ල වෙලේකඩේ ප්‍රෙද්ශෙය් දී පහරදුන්නැයි රෝහලේ වෛද්‍යවරු අද(17) සංකේත වැඩ වර්ජනයක නිරතව සිටියහ.
පහරකෑමෙන් තුවාල ලැබූ බදුල්ල ශික්ශන රෝහලේ සේවය කරන වෛද්‍යවරයා බදුල්ල ශික්ශන රෝහලේ වාට්ටු අංක 8 නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව බදුල්ල පොලිසිය පවසයි.
මෙමවෛද්‍යවරයා රාජකාරි කටයුතු නිමකර ඊයේ(16) රාත්‍රි සිය නිළ නිවසට යාමට වෙලේකඩේ ප්‍රෙදේශයේ දී මෝටර් රථය නවතා ඒ අසල ආපනශාලාවකට ගිය අතර තුරේ මෝටර් රථය හරස් කර ත්‍රිරෝද රථයක් නවතා ඇති අතර පසුව වෛද්‍යවරයා මෝටර් රථය ගැනීමට ත්‍රිරෝද රථය ටිකක් අයින් කරන ලෙසට දැනුම්දීමත් සමඟ ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනකු වෛද්‍යවරයාට පහර දී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
70
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෛද්‍යවරයාට ගැහුවයි බදුල්ල රෝහලේ වැඩ නවතියි
Shelly Wednesday, 17 December 2025 04:45 PM
මේ සිද්ධිය වුණේ රෝහලේ නෙවෙයි. එහෙනම් මොකටද වැඩ වර්ජන? මේ ගොල්ලන් චැනලින් කරන්න ඇති නේද?
සෙනෙවිරත්න Wednesday, 17 December 2025 04:48 PM
පාරෙදි ගැහුවත් වර්ජනය කරනවාද?
Achi Wednesday, 17 December 2025 05:08 PM
ඔය එළියේ ප්‍රශ්නයට පොලිස් එකට කම්ප්ලේන් කරන්නේ නැතිව වර්ජනය කරලා හරියනවද?
අරවින්ද මොණරවිල Wednesday, 17 December 2025 05:26 PM
මොවුන් නම් මනුස්සයෝ වෙන්න බැහැ... වර්ජනය කරන එවුන්ගේ කොදු කඩන්න ඕනෑ.
Nipuna Wednesday, 17 December 2025 05:50 PM
වර්ජනය කිරීම වැරදියි තමයි. ඒත් මෙතැන පෙන්නන්නේ ලංකාවට සාපයක් වූ ත්‍රීවිලර් උප සංස්කෘතියෙ තවත් කෙරුවාවක්. ඒ අයට වැරැද්දක් පෙන්නන්න ගියාම ගහන්න එනවා. මේ වාහනය ලංකාවට ගෙන්නන එක දැන් නවත්වන්න හෝ අධෛර්යමත් කරන්න ඕනෑ.
චන්දුසී Wednesday, 17 December 2025 07:17 PM
ඊලඟට ගෙදර භාර්යාව බැන්නොත් වර්ජනයක් බලාපොරොත්තු වන්න.