( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව අතරමැදි පෙත්සම් 7 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.
මෙලෙස අතරමැදි පෙත්සම් ගොනු කරනු ලැබ ඇත්තේ ඇමැතිවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස් , නිමල් සිරිපාල ද සිල්වා සහ ගාමිණි ලොකුගේ යන ඇමැතිවරු එක් පෙත්සමක් ද, ඕමාරේ කස්සප, ඩබ්.ඒ.ඩී.ආර් වීරති, ටී.වී.අබේරත්න, මුදියන්සේලාගේ දයාරත්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් නීතීඥ සාගර කාරියවසම් නැමැත්තන් ය.
මෙම පනත් කෙටුම්පත පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, එබැවින් එම කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කරගත හැකි බවට නියෝග කරන්නැයි ඉල්ලා මෙම අතරමැදි පෙත්සම් ගොනු කර ඇත.
මෙම අතරමැදි පෙත්සම් , විශේෂ පෙත්සම් සළකා බැලීමෙන් පසුව අධිකරණය හමුවේ කැදවේ.
ගොනු කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ 11 ශ්‍රේෂ්ධිකරණයේ දී අද (29) පෙරවරු 10.30ට කැදවිණි.
ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
පෙත්සම කැදවූ අවස්ථාවේදී අගවිනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ සදහන් කර සිටියේ විසි වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේවන විට විශේෂ පෙත්සම් 39 ක් ගොනු කර ඇති අතර , ඒ අනුව අද (29) , හෙට (30). සහ ඔක්තෝබර් 02 වැනිදා තෙක් මෙම පෙත්සම් විභාගය පවත්වා අවසන් කළ යුතු බැවින් එක් පෙත්සම්කරුවකුට විනාඩි 30 ක් ලබා දෙන බවත්ය.
ඉකුත් 22 වැනිදා සිට ඊයේ (28) දින දක්වා ගතවූ දින හය තුළ විවිධ දේශපාලනඥයින් , නීතීඥවරුන් ඇතුළු වෘත්තීයවේදීන් , විවිධ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පාර්ශව 39 ක් මෙම පෙත්සම් ගොනු කළ අතර අද අධිකරණය හමුවේ කැඳවනුයේ එම පෙත්සම් ය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විස්සට පක්ෂව ඇමැතිවරු 3 ක් ඇතුළු 7 කගෙන් අතරමැදි පෙත්සම්