(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විශ්වාසභංග යෝජනා විවාදයට ගන්නා දිනය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (9)පෙරවරු 10.00ට පැවැත්වේ.
මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ කාරණය සම්බන්ධයෙන් අද පුළුල්ව සාකච්ඡා කරන බවයි.
රටේ ප්‍රශ්නය, පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේදී පසුගිය 6 වැනිදා සිකුරාදා ඇතිවූ සිද්ධිය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන බව කතානායකවරයා කීවේය.
හරින් ප්‍රනාන්දු ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 6 වැනිදා සිකුරාදා වේත්‍රධාරීවරයාට පහරදී සෙංකෝලය උදුරා ගැනීමට උත්සාහ දැරීමේ සිද්ධිය ගැනද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
මේ රැස්වීමෙන් පසු කතානායකවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ අද පෙරවරු 10.00 ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරන බවයි.
සමගි ජන බලවේගය පක්ෂය අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද ජනාධිපතිවරයාට විරුද්ධව තවත් විශ්වාසභංග යෝජනාවක්ද කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් බොරුවක් ඇදලා අරගෙන එහෙට මෙහෙට කචකච ගාලා රුපියල් කොටියක් වියදම් කරලා කට්ටියම ජනතාවට කොකා පෙන්වලා ගෙදර යයි. රටේ ප්‍රශ්න එතැනමයි...
පිටරැටියෝ බලාගෙන ඉන්නේ රටතුළ ආක්‍රමණයක් වෙනකම්..! අන්න එදාට සිංහලයාට තේරෙයි රටේ වටිනාකම...!