(රෝෂන් තුෂාර)
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට සපැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින්ට එරෙහි නඩුව මැයි මස 13 වන දින විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26) දින නියම කළේය.
ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ,තම සේවා දායකයාට උණ සෑදී ඇති බවට උදෑසන පණිවිඩයක් ලබා දී ඇති බව ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
2016 පෙබරවාරි 6 වැනි දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබිණි.
මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව පැමිණිල්ල ගොනුකර ඇති අතර සෙසු විත්තිකරුවන් ලෙස ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසාමිල්,පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර,වීර කුමාර දිසානායක,පක්ෂ සාමාජික පියසිරි විජේසිංහ හා රොජර් සෙනෙවිරත්න නම් කර ඇති අතර එම සැකකරුවන් අද අධිකරණයේ පෙනී සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර ඇති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලික පනා මල් දිනය මහතාට අධිකරණයේ සාක්ෂි දෙන ලෙස දන්නවා මින් නොතීසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සේ නඩුව කල් තියනවා.... එහෙමනේ..... මට සාන්ත වඳුරු කුණුහරුප මතක් වෙන්නේ මෙන්න මෙව්වාට තමා.