
(අංජුල මහික වීරරත්න)
සමාජ මාධ්‍ය ඔස්සේ විදෙස් රැකියා දෙන බව කියා කරන වංචා ගැන ලැබෙන පැමිණිලි වැඩි වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
කාර්යාංශයේ කිසිදු අනුදැනුමකින් තොරව විවිධ යුටියුබ් නාලිකා මගින් සාකච්ඡා පවත්වමින් මෙම වංචා කෙරෙන බව ද කාර්යාංශය කියයි.
කාර්යාංශයේ අනුමැතියකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන නීතිවිරෝධි ප්‍රචාර සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව කාර්යාංශය සඳහන් කරයි.
මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින් සිංගප්පූරුවේ කර්මාන්ත ශාලාවල නිශ්පාදන සහකාර රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 76 කට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්ව ඇත
.වංචනික ආයතන හෝ වංචනික පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ 0112882228 අංකයට හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන මෙන් කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
2025 ඔක්තෝබර් මස 08
1775
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1457
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
521
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
විදෙස් රැකියා පෙන්වා සල්ලි ගරන කල්ලි වලට වැඩ වරදී