
(එම්. සුසිල් පියන්ත)
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් වීමට සිප් කිරි පෙවූ සියලුම ගුරුවරුන් වෙනුවෙන් නොමිලයේ වෛද්‍ය සායනයක් ධර්මාශෝක විදුහල් මුදලිදු එස්.තෝමස් ද සිල්වා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
තමන්ට ඉගැන්වූ ගුරුවරුන්ගේ රෝගාබාධයන් දහයක් වෙනුවෙන් මේ අපූරු වෛද්‍ය සායනය පැවැත්වූ අතර ඒ සදහා රුධිරය පරීක්ෂා කිරීම ද ගෝලයන්ගෙන් අතින්ම සිදු කෙරිණ.
මේ සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් 1990 සාමාන්‍ය පෙළ සහ 1993 උසස් පෙළ කණ්ඩායමේ සෞඛ්‍ය වෘත්තිකයන් නොවන මේ ගුරුවරුන්ගෙන් සිප් කිරි බී වෙනත් වෘත්තිකයන් ලෙස සමාජයට මෙහෙවරක් කරන ආදි සිසුන් ද සිය උපරිම දායකත්වය ලබාදුන් බව මේ වැඩසටහනේ සම්බන්ධීකාරකයකු වන තාරක මාදුවගේ මහතා කීය.
(පද ආරියසේන හඳුවල)
COMMENTS
93 මට මතක විදිහට ධර්මශෝකෙන් මෙඩිකල් කොලේජ් ගියේ, රාජිත සිල්වා, සුජීව සම්පත් කාරියවසම්, ගණක සේනාරත්න, අමිල (JR), සුජීව රේණුක ගුණසේකර යන මහත්වරු, මම හිතන විදිහට මේ පින්තුරේ ඉන්නේ ගණක සේනාරත්න දොස්තර මහත්මයා වෙන්න ඕනේ, බෙහෙත් ගන්න ඇදුරුතුමා කවුද?
අගය කළ යුතු ක්‍රියාවක්... මෙයයි රටේ සිදුවිය යුත්තේ... ඉතාම සතුටුයි.
ඉතාමත් විශිෂ්ඨ ගෝල පිරිසක් බව නොකිවමනායි...!