IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදුලි බිල අද පහතට

(රංජන් කස්තුරි)

විදුලිය ගාස්තු අඩු නොකිරීමේ ලංකා විදුලි විදුලිබල මණ්ඩලයේ දැඩි තීන්දුවට එරෙහිව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලිය ගාස්තු පහත දැමීමේ යෝජනාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

රජයේ ස්ථාවරය අනුව යමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත්දා නිවේදනය කරනු ලැබුවේ විදුලි ගාස්තු මාස හයක් යනතුරු කිසිසේත් සංශෝධනය කළ නොහැකි බවය.

එහෙත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව දිගින් දිගටම ත ර් ක ඉදිරිපත් කරමින් විදුලි ජනන වියදම අඩු කර ගැනීමේ ගැනීමට හැකි බවත් එම නිසා විදුලි ගාස්තු පහත දැමිය හැකි බවටත් මතය ඉදිරිපත් කළේය.

 



අදහස් (8)

විදුලි බිල අද පහතට

බකල ජයා Thursday, 16 January 2025 09:43 PM

බිල අඩුකරන්න බැරි අය අකාර්යක්ෂමයි, නොහැකියාවෙන් පෙලෙනව, අදක්ෂයි කියල වැඩ තහනම් කරන්න හරි, අස්කරන්න හරි බැරිද?

:       2       23

යෝගා Friday, 17 January 2025 03:43 AM

ලැජ්ජ නැති ආණ්ඩුවයි හොර ඉන්ජිනේරු ඇමතියයි දැන් කියයි විදුලි බිල අඩු කලේ අපි තමයි කියලා

:       14       22

F JALALDEEN Friday, 17 January 2025 08:44 AM

අනේ බොහොම ස්තූතියි

:       0       25

de silva Friday, 17 January 2025 10:54 AM

ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ අපි නිලධාරීන්ගේ වැඩවලට ඇඟිලි ගහන්නේ නැහැ කියලා දුෂිත රජයේ සේවකයෝ මාලිමාවේ වුර්තිය සමිති හරහා ආණ්ඩුවට ජැක් ගහලා, හාල් ප්‍රශ්න, පාස්පෝර්ට්, රියැදුරු බලපත් ප්‍රශ්න... විසඳන්න විදුලිබල අඩු කිරීම වැනි දේවල් කරන්න දින 100 ගෙවිලාත් ආණ්ඩුවට බැරිවෙලා තිබෙන්නේ එම නිසා, ජනතාව මේවා වැඩිම වුනොත් අවුරුද්දක් ඉවසාවි, ඊට පස්සේ ජනතා විරෝධය රජයේ නිලධාරීන් දෙසට එල්ල වේවිද? ආණ්ඩුව දෙසට එල්ල වේවිද කියලා කියන්න දන්නේ දෙවියෝ තමයි, දැන් මිනිස්සු ඉස්සර වගේ බොරු අහගෙන කරබාගෙන ඉන්න කැමැති නැහැ..

:       2       9

R.T.sarath Friday, 17 January 2025 11:01 AM

රටේ ආර්ථික කඩාවැටීමට පසුගිය ආණ්ඩු සහ කොමිස් ගහන පගාව ගන්න දුෂිත රජයේ නිලධාරීන් වග කියන්න ඕනේ... දැන් අපි ආණ්ඩුව පලවාහැර අලුත් ආණ්ඩුවක් පත්කරගෙන දින 100 පැනල නමුත් ඉදිරි මස 3 පැහැදිලි වෙනසක් දකින්න නැතිනම් , දුෂිත නිලධාරින්ට පහරදී පලවා හරින්න ජනතාවට සිදු වෙනවා.

:       2       8

ravin Friday, 17 January 2025 11:46 AM

අනේ මන්දා දැක්කා වගේ මතකයි. ඔය අඩුකරන්න බැහැ කියන මණ්ඩලේ උසස් නිලධාරියෙක් සුඛෝපභෝගී මහල් නිවාස තිස් ගාණක අයිතිකාරයෙක්ලු. මුදල් ඉපැයූ ආකාරය සොයා බැලුවා නම් නරකද? 

:       0       8

අරවින්ද මොනරවිල Friday, 17 January 2025 11:59 AM

විදුලිබල ගාස්තු තීරණය කරන්න අයිතිය තියෙන්නේ විදුලි බල මණ්ඩලයට නොවෙයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවටයි. මණ්ඩලයේ වගකීම වෙන්නේ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමටයි. කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් නිසාත් රජය එයට බලපෑම් කරන්න සූදානම් නැති නිසාත් ජනතාවට සාධාරණයක් ඉටුවනු ඇත...

:       1       6

Harsha Godage Friday, 17 January 2025 12:32 PM

විදුලිබල මණ්ඩලය අධික ලාභයක් ලබා ඇති බව පවසා බෝනස් ඉල්ලුවේ දෙසැම්බර් මාසේ. ඒ ලාභය ලැබුවේ විදුලි බිල වැඩි කිරීමෙන්. දැන්වත් ඒ බිල අඩුකළ යුතුයි...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site