
(අංජුල මහික වීරරත්න)
රටේ තිරසාර අනාගතය හැඩගස්වන අත්‍යවශ්‍ය බලවේගය වන විද්‍යාව හා තාක්ෂණය සඳහා රජයේ සහයෝගය වැඩි කිරීමට සැලකිය යුතු පියවර ගන්නා බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම විසින් නොවැම්බර් 10 වන දිනට යෙදෙන ලෝක විද්‍යා දිනයට සමගාමීව සංවිධානය කළ "තිරසර සංවර්ධනය සඳහා සොබා දහමෙන් ආභාෂය ලැබූ තාක්ෂණය"තේමා කර ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දී පැවති විද්‍යාව ප්‍රචලිත කිරීම සඳහා වන සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජාතික මට්ටමින් පැවැත්වූ විද්‍යා තරඟාවලියේ දී පාසැල් සිසු සිසුවියන් දැක්වූ විශිෂ්ඨත්වය සහ විද්‍යාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් ගුරු භවතුන්ගේ කැපී පෙනෙන දායකත්වය අගයමින්, විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරඟය - 2024 ,ළමා පරිසරවේදියා වැඩ සටහන- 2024, පාසැල් විද්‍යා තරඟ 2025, විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා ගුරුවරුන් වෙත ජීවිතයේ එක් වරක් පිදෙන සම්මානය ඇතුළු ඇගයීම් සම්මාන - 2025, ජාතික විද්‍යා පදනම සමග සම්බන්ධ ක්‍රියාකාරී පාසල් විද්‍යා සමාජවල තරුශ්රේණි ගත කිරීම - 2025 යන තරඟ කාණ්ඩ යටතේ මෙහි දී සම්මාන පිරිනැමිණි.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විද්‍යා තාක්ෂණ දියුණුවට උපරිම සහය දෙනවා