IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විකාශන නියාමන පනතට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැස්වෙයි

(නිමල කොඩිතුවක්කු)

නිවැරදි සත්‍ය තොරතුරු බය නැතිව ජනතාවට ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (1) පැවසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ගමනට තවත් ව්‍යාපෘතියක් රජය ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව විකාශන නියාමන පනත හරහා විකාශන නියාමන කොමිසමක් ස්ථාපිත කර රටේ මාධ්‍ය මර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ල කෑමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

රූපවාහිනී මාධ්‍ය බලපත්‍රය වලංගු වන්නේ නව පනත සම්මත වී මාස 6කට පමණක් බවත් ඉන් පසුව වාර්ෂිකව බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලියකට රූපවාහිනී නාලිකා යොමු කිරීමට කටයුතු කර බවත්
විපක්ෂයේ පක්ෂ විධායක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ අවස්ථාවේදී ඔහු පැවසීය.

බලපත්‍රය ලබා දීමේ දී අදාල මාධ්‍ය ආයතනය රජයට ගැති හෝ එසේ නොමැති ද කියා සොයා බලන බවත් එය පදනම් කර ගෙන බලපත්‍ර තහංචි ඇති කර මාධ්‍ය මර්ධනයේ අලුත් පරිච්ඡේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා කීවේය.

එහි ප්‍රතිඵලයක් ලෙස රජය මෙමෙ කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මේ හරහා දැවැන්ත ලෙස මාධ්‍ය මර්ධනයක් සිදු කර ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් සිදු කරන බවත් ඔහු පැවසීය.

අධිකරණයේ පිහිට පතා මේ ක්‍රියාවලිය කෙසේ හෝ පරාජය කරන බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී. එල් පීරිස්, එම්. ඒ සුමන්තිරන්, ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි, එරාන් වික්‍රමරත්න යන මහතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (2)

විකාශන නියාමන පනතට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැස්වෙයි

aravinda Monarawila Thursday, 01 June 2023 04:52 PM

රනිල්ට, රාජපක්ෂලාට තියා අනුරට විරුද්ධවත් කෙළින් යමක් කියන්න බය මෙයා ගැන රටේ මිනිස්සු දන්නවා. නිකන්ම කටින් බතල හිටවන පොරක් කියලා...

:       0       0

මහසෙන් Thursday, 01 June 2023 05:15 PM

අහිතකරයි කියලා මෙයාම දෙස් තියපු පනත් පරාද කළහැටි රට්ටු දැක්කා පහුගිය කාලේ... එක්කෝ පාර්ලිමේන්තුවෙන් නැගිටලා යනවා. නැත්නම් උසාවි යනවා කියනවා. නැත්නම් ජාත්‍යන්තරයට කියනවා කියනවා. ඒ අස්සේ ආණ්ඩුව වැඩේ කරනවා. මෙහෙම වෙන්න ජනාධිපති කෙනෙකුයි, එයාටම හරියන මයික් ටයිසන්ලා ටිකයි ඉන්නකම් මේ විදියට නැතුව... වෙන විදියකට වැඩ වෙන්නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 215 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 969 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site