IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ව්‍යාපාරිකයා කොල්ල කෑ පොලීසියේ දෙන්නා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ගමට යාමට බස් රථයක් නොමැති වීම හේතුවෙන් කඩුවෙල නගරයේ   ලැගුම්හලක කාමරයක  නවාතැන් ගෙන සිටි ව්‍යාපාරිකයෙකුට පහරදී මුදල් සහ රන් මුදුවක් කොල්ලකෑ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු  ඊයේ  (3) රාත්‍රී  අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරුන් දෙදෙනා මාලබේ පොලිසියට අනුයුක්ත දෙදෙනෙකි. සෙසු සැකකරුවන් අතර ලැගුම්හලේ කළමනාකරු සහ සේවකයෙකු වන බව පොලිසිය කියයි.

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා තම දරුවා බැලීමසඳහා බියගම ප්‍රදේශයට පැමිණ නිවසට යාම සඳහා කඩුවෙල නගරයට පැමිණ බස් රථයක් නොමැති වීම හේතුවෙන් රාජ්‍ය බැංකුවක් අසල පිහිටි ලැගුම් හල වෙත ගොස් කාමරයක් කුලයට ලබාගෙන නවාතැන් ගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී සැකකරුවන් සිව් දෙනා ලැඟුම් හලේ හිමිකරු සමග මත්පැන් පානය කරමින් සිට ඇති අතර කොස්තාපල් දෙදෙනා ව්‍යාපාරිකයා රැඳී සිටි කාමරයේ දොරට තට්ටු කර බලහත්කාරයෙන් දොර විවෘත කරවාගෙන ඔහුව පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇතැයි ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලේ සඳහන්ය.

තමන් පැළඳ සිටි   රන්මුදුවක් හා  මුදල් පසුම්බියේ තිබූ රුපියල් 48000 ක මුදලක් දකොල්ලකා පහර දුන්බවත් දැඩි ආයාසයෙන් එම ස්ථානයෙන් පලා විත් යාබද ආපනශාලාවකට දිව ගොස් දිවි බේරා ගත් බවත් පැමිණිලිකාර ව්‍යාපාරිකයා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

 

 

 

 



අදහස් (0)

ව්‍යාපාරිකයා කොල්ල කෑ පොලීසියේ දෙන්නා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6145 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1281 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site