වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ වෙළෙඳ සේවා ‘එෆ්’ කාණ්ඩයේ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් ක‍්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගම් ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කැන්රිච් ෆිනෑන්ස් පිල විසින් එච්. එස්. බී. සී. (බී) පිල කඩුලූ 7 කින් පරාජය කරන ලදි.
කැන්රිච් ෆිනෑන්ස් පිල නියෝජනය කරන අන්තර් සමාජ ක‍්‍රිකට් පිටියේ දක්‍ෂ යොවුන් පිට දඟ පන්දු යවන්නකු වන අලංකාර අසංක ලකුණු 12 කට කඩුලූ 5 ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. මහේල විජයලත් ජයග‍්‍රාහි කැන්රිච් ෆිනෑන්ස් පිලේ නායකයා ලෙස කටයුතු කළේය.
එච්. එස්. බී. සී. පිල ඕවර 29.1 කදී සියලූ දෙනා දැවී 130
(ජේසන් ෆර්ඩිනැන්ඩස් 33, ආර්. වෙලින්ටන් 12, සචින් බාලසූරිය 23, එස්. ගොඞ්වින් 37, එස්. හේවගේ 15/2, මහේල විජයලත් 25/2, අලංකාර අසංක 12/5)
කැන්රිච් ෆිනෑන්ස් පිල ඕවර 26 කදී කඩුලූ 3 ට 132
( ඕෂධ ප‍්‍රනාන්දු නොදැවී 53, ශෂික තිවංක 28, අලංකාර අසංක 24)
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළෙඳ සේවා ‘එෆ්’ කාණ්ඩයේ ශූරතාව කැන්රිච් ෆිනෑන්ස් පිලට