IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙළෙඳ කුටියේ පීත්ත පටිය කපන්න ලක්ෂ 10ක් වැය කරලා

(මුදිතා දයානන්ද)

සෞදි අරාබියේ පැවැති වෙළෙඳ ප්‍රදර්ශනයකදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ කුටියක් විවෘත කිරීමේ අවස්ථාවට රිබන්, කතුරු, ඉටිපන්දම් හා බන්දේසියක් මිලදී ගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කර ඇතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම වාර්තාවේ දැක්වෙන පරිදි මෙම වෙළෙඳ ප්‍රදර්ශනය 2022 වසරේ මැයි 09 සිට 12 වැනිදා දක්වා පවත්වා ඇති අතර එහි වියදම් සඳහා 2021 වසරේ දෙසැම්බර්වලදී රුපියල් කෝටි නවයක් අනුමත කර ඇතත් 2022 වසරේ මාර්තු 29 වැනිදා ඒ වෙනුවෙන් රුපියල් කෝටි දොළහකට අධික මුදලක් වෙන්කර ඇත.

මෙම මුදල මුලින් වෙන්කර ඇත්තේ වර්ග මීටර 250ක ඉඩ ප්‍රමාණයක් වෙනුවෙන් වුවද පසුව ආර්ථික අපහසුතා නිසා යැයි පවසමින් එය වර්ග මීටර 150 දක්වා අඩුකර තිබේ.

එසේ ඉඩ අඩු කළද එයින් මූලික පිරිවැය අඩු වීම වෙනුවට තවත් රුපියල් 5,823,000ක් වැඩිපුර වැය වී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

 



අදහස් (12)

වෙළෙඳ කුටියේ පීත්ත පටිය කපන්න ලක්ෂ 10ක් වැය කරලා

Perera Wednesday, 13 September 2023 05:34 AM

රට බංකොළොත් වෙනකන්ම කරලා තියෙන්නේ හොරකම, තාමත් කරන්නේ ඒකම තමයි.

:       0       18

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 13 September 2023 07:03 AM

රටේ මුදල් මේ ලෙස නැති නාස්ති කරන අයට රජකාලේ දඬුවම් දීමට පියවර ගත යුතුයි. මේ රටේ කුසගින්නේ ඉන්නා අය කොපමණ ඇතිද? මේ නැති නාස්ති කරන අය එසේ බියක් සැකක් නැතිව කටයුතු කරනුයේ ඉහළ අංශවලින් ඔවුන්ට ආරක්ෂාවක් ඇති නිසා බව පෙනේ...

:       0       11

පැරකුම් Wednesday, 13 September 2023 07:03 AM

මෙච්චර කාලෙකට ජනතාව අවුස්සලා කුපිත කරන කතා කියනවා මිසක් කරපු වැඩක් තියනවාද.? කවද්ද වැරැද්දකට දඬුවමක් දීලා වරද නිවැරැදි කරන්න කටයුතු කළේ? අපේ බදු සල්ලි නිකරුනේ නාස්ති නොකර තමුන්ගේ වැඩක් බලා ගත්තා නම් නරකද...?

:       0       11

Nimal Wednesday, 13 September 2023 08:15 AM

මෙච්චර කෝටි ගණන් වියදම් කරලා අන්තිමට වුණු ලාභයක් තියෙනවද?

:       0       5

කිරිපුතා Wednesday, 13 September 2023 09:34 AM

මේවා ගැන හොයන්න බලන්න පාලකයින් නෑනෙ. ඒ පප්‍රදර්ශනයෙන් ලැබුණු වාසි මොනවද කියලා හොයලා බැලුවද ? ඔය වියදම් නිකම් කොලවල ලියවුණු දේ වෙන්න ඇති. කට්ටයගෙ සාක්කු නම් පිරෙන්න ඇති. අපේ රටට ගහලා තියෙන විනය තමයි ඔය.

:       0       32

Akila Wednesday, 13 September 2023 10:56 AM

ඇමති ය දන්නේ නැතිව මිනිහගේ කුට්ටිය දෙන්නේ නැතිව නිලදරින්ට තනියෙන් ඔහොම හොරකන් කරන්න බැහැ , පොහොට්ටුවෝටික රට බංකොලොත් උන් කාලේදී කරලා තියෙන්නෙත් හොරකන් කරන එක විතරයි

:       1       29

සිල්වා Wednesday, 13 September 2023 11:04 AM

ඇත්ත වශයෙන්ම කොපමණ වියදම් ප්‍රමාණයකින් එම වැඩ සටහන කලයුතුව තිබුනේ දැයි ගණනය කර කීවා නම් ඉදිරියට එය ප්‍රයෝජනයක් වෙනවා වගේම නීතිමය කටයුතු වලටද ප්‍රයෝජනයක් වෙනවා.

:       0       20

අරවින්ද මොනරවිල Wednesday, 13 September 2023 11:14 AM

මේවගේ අපරාධ, දූෂණ, සහ නාස්තිය සාධාරනය කරන්න, තමන්ට ලැබුන හො ලැබේයි සිතාගෙන සිටින වාසි වෙනුවෙන් පෙනී ඉන්න පිරිසකුත් ඉන්නවා. ඔවුන් තමා මේ දේශපාලඥයන් හා නිළධාරින්ට වැඩිය රටට ලොකුම හානිය කරන පිරිස.

:       0       19

පැරකුම් Wednesday, 13 September 2023 11:41 AM

කතාකරලා වැඩක් නෑ කිරිපුතා... කවුරුත් දන්නවා ඔය විගණන වාර්තා කියන්නේ අමු ප්‍රෝඩාවක් කියලා... කණගාටුයි. ඔය කියන වාර්තා වලින් මෙච්චර කාලෙකට වෙච්චි දෙයක් තියනවාද? හැමතැනම හැම තරාතිරමකම සිද්දවෙන්නේ එකම දෙයයි. ඒ තමයි වංචාව සහ දූෂණය... කවුරුහරි ඇවිත් රට ගොඩගනීවි කියලා අපි හීන බලමින් ඉන්නවා... කොයිතරම් අවස්ථා තිබිලත් අපි රටට ආදරෙන් එල්ලිලා හිටියා... දැන් තේරෙනවා කරගත්තු වැරැද්ද...

:       0       14

Pradeep Kumara Wednesday, 13 September 2023 12:41 PM

ඔය අදහස් දක්වලා තියන අය දන්නවද රත්ත්‍රන් පවුමක මිළ. ඔය පටිය, බන්දේසිය සහ කතුර කැරට් 22 රත්තරන් වලින් හදපුවා. ගාන බොහොම සාධාරණයි.

:       0       3

චන්දිම ෆොන්සේකා Wednesday, 13 September 2023 02:44 PM

මේ සිද්ධිය ඇත්ත නම් මේ පස්සෙන්ම ගිහින් සුල මුල හරියට හොයලා කවුද මේකෙන් සල්ලි පිල්ලි ගහලා තියෙන්නේ කියලා හෙව්වොත් ඒකම වුනත් ඇති මහා ප්‍රෝඩා වැලක්ම හොයා ගන්න. ඒත් මොන නායකයාද ඕවා හොයන්නේ? නායකයෝ කියන එවුන්ට ඕවා ටොයිස්. මේ වගේ වංචා සිය දහස් ගණනින් කෙරෙන නිසා තමයි අපිට මේ ආර්ථික අගාධයෙන් කවදාවත් ගොඩ යාමක් නැත්තේ... සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ගේ බිරිඳ ගෙයක් මිලදී ගත්තු වෙලාවේ ලැබුණු නීත්‍යානුකූල කොමිස් මුදලවත් ගන්න ඔහු ඇයට ඉඩ දීලා නැහැ. එහෙමයි ඒ සැබෑ නායකයෝ එරට ජනතාවට ආදර්ශය දුන්නේ... මේකේ ඉන්නවද ඒ මිනිස්සුන්ගේ ගෙදර ඇති කරන බල්ලාගේ ලෝම ගහක්වත් තරමේ වටින නායකයෙක්?

:       0       3

විජේ Wednesday, 13 September 2023 04:52 PM

දඬුවමත් අරාබි ක්‍රමේටම දුන්නා නම් තමයි හරි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site