IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැහි වළා මැද්දෙන් ඉර පායයි

ලෝක සංචාරක දිනය වෙනුවෙන් සීගිරි පව්වේ සිට හිරු උදාවන අයුරු දැකබලා ගැනීමට අද (27) දෙස් විදෙස් සංචාරකයෝ එහි ගියහ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සහ සංචාරකයෝ පිරිසක් අළුයම පහට ගල මතට ගොඩවූහ.

අහස වළාකුලින් බරව තිබීම නිසා නිසියාකාරයෙන් ඉර පායන දර්ශනය නැරඹීමට නොහැකි විය.

ඉර සේවය ඉදිරියේදී දිනපතා සංචාරකයින්ට දැකබලාගැනීමට අවස්ථාව ලබාදීමට අවධානය යොමුව ඇතැයි මහාචාර්ය ගුණවර්ධන මහතා පැවසීය.

SIGIRI-0927-1 SIGIRI-0927-2 SIGIRI-0927-3 SIGIRI-0927-4 SIGIRI-0927-5 SIGIRI-0927-6 SIGIRI-0927-7 SIGIRI-0927-8 SIGIRI-0927-9



අදහස් (0)

වැහි වළා මැද්දෙන් ඉර පායයි

ලසන්ත Monday, 28 September 2015 03:33 AM

පරාක්‍රමගේ අදහස ගොඩක් වටිනවා (බ)

:       0       0

අමරසිංහ Sunday, 27 September 2015 08:04 AM

සුන්දර දසුනක්.(හේ)

:       0       0

ටියුඩර් Sunday, 27 September 2015 12:30 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

විජේසුන්දර Sunday, 27 September 2015 04:07 PM

හොඳ අදහසක් (නි)

:       0       0

පරාක්‍රම Sunday, 27 September 2015 04:35 PM

ඕස්ට්‍රේලියාවේ රට මැද තිබෙන "උලුරු" නම් ගලද විදේශීය හා එහි දේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් තැනකි. පිළිස්සූ මැටි වළං වන් ගුරු පැහැයෙන් හා බනිස් ගෙඩියක හැඩයෙන් යුත් මෙම ගල සීගිරි ගල මෙන් උසද විශාලද නැත. සාමාන්‍ය අයෙකුට මිනිත්තු 3-4 කදී ඒ මතට නැඟිය හැක. ඒ සඳහා උදේ 9 සිට සවස 3-4 පමණ වනතෙක් කාලවෙලාද නියම කෙරේ. විශේෂයෙන්ම හිරු බැසයද්දී අහසේ වලාවන්හි වර්ණ ගැන්වෙන කහ, රන්, රත් පැහැයන් හා ඒ තුළින් පතිතවන ලා හිරුරැස් හේතුවෙන් ඊට අනුරූපීව වරින්වර වෙනස්වන ගලේ පැහැයන් සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත්වී ඇත. හිරු නැඟඑද්දීද යම් දසුනක් ඇත. නමුත් ඕස්ට්‍රේලියාවේ 90% ක් වාගේ තැනිතලා නිසා ඉර සේවය ඒකාකාරී තත්ත්වයක් ගනියි. ශ්‍රී ලංකාවේ ශ්‍රී පා මුදුනෙහි සිට සහ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ ඇතැම් ස්ථානවල හා නැගෙනහිර මුහුදු වෙරළේ සිට ඉර සේවය නැරඹිය හැකිවුවත් සීගිරි පව්ව පහසු වඩාත් සුදුසු චිත්තාකර්ශනීය තැනක් වනු නොඅනුමානය. අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ සංචාරකයින් ඇදගන්නාසුලු අදහස ඵල දරනු ඇත. (නි)

:       0       0

පීරිස් Monday, 28 September 2015 03:15 AM

මම හිතන්නේ මීටවඩා වැදගත් , විනාශවෙමින් පවතින සීගිරි චිත්‍ර හා කුරුටු ගී ටික වඩා හොඳින් ආරක්ෂා කරලා සංරක්ෂණය කරලා සංචාරකයන්ට පෙන්වලා ආකර්ෂණය කරගන්න එක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site