IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘විහිළු පොරොන්දු දී සිසු බුද්ධියට නිගා කරන්න එපා‘

මහ මැතිවරණයේදී සිය කඳවුරේ නියත පරාජය මේ වන විට අවබෝධ කරගෙන සිටින හිටපු ජනපති මේ වන විට විහිළු සහගත පොරොන්දු දෙන බවත් ඔහුගේ එකම අභිප්‍රාය වී ඇත්තේ එවැනි ඕනෑම ආකාරයේ පොරොන්දුවක් දී ඡන්ද දායකයා මුලා කොට තරුණ පරපුර රවටා කෙසේ හෝ බලය අත්පත් කර ගැනීම බවත් මේ මගින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල ලෙස මෙරට ඡන්ද දායකයාගේ බුද්ධියට නිගා කරමින් සිටින බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සරසවි සිසුන්ගේ ඉල්ලීම් රාජපක්ෂ පාලන කාලය තුළදී නොසලකා සිසුන්ට කඳුළු ගෑස්, බැටන් පොලු ප්‍රහාර එල්ල කළ බවත් මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කිරීමට මතක්වූයේ ජනපතිවරණයෙන් පැරදී ගෙදර යන්න ඔන්න මෙන්න කියා තිබියදී බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා සිය නිවේදනයේ දක්වා ඇත.

ජනපතිවරණයට පෙර පැවති අයවැය ඡන්ද ගුණ්ඩුවක් කළ මහින්ද රාජපක්ෂට එරෙහිව සරසවි ශිෂ්‍ය ප්‍රජාව සිය ඡන්දය පාවිච්චි කරමින් ඔහු ගෙදර යැවූ බවත් අද වසර 10ක් බලයේ සිටිද්දී නොකළ දෑ සිසුන්ට ලබාදෙන බව කියමින් නියත පරාජය පෙනි පෙනී විහිළු මැතිවරණ පොරොන්දු ලබාදෙන බවත් එහි සඳහන්ය.

පරාජය වන බව ස්ථිරවම දන්නා අයකුට ඕනෑම මැතිවරණ පොරොන්දුවක් ඕනෑම අයුරකින් ලබාදිය හැකි බවත් පවසා ඇති විජයවර්ධන මහතා මෙවැනි විහිළු මැතිවරණ පොරොන්දු ලබාදී සරසවි සිසු ප්‍රජාවගේ බුද්ධියට නිගා නොකරන ලෙස තම නිවේදනයෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

‘විහිළු පොරොන්දු දී සිසු බුද්ධියට නිගා කරන්න එපා‘

නලින් වනිසේකර Wednesday, 29 July 2015 08:52 AM

ඔබ හරි කුමාර ඔය කිව්වේ අර ලක්ෂ 58 ගැන නේද ? (නදී)

:       0       0

උක්කුන් Wednesday, 29 July 2015 08:54 AM

මහින්ද මහතා ජන්ද කාලේ පොරොන්දු වෙලා දින්නට පස්සේ නොදුන් පොරොන්දු අපිට මතක් කරලා දෙන්න. (නදී)

:       0       0

රූපස් පෙරේරා Wednesday, 29 July 2015 08:56 AM

කුමාරගේ මෝඩකම තවම ප්‍රදර්ශනය කරනවා (නදී)

:       0       0

විමුක්ති Wednesday, 29 July 2015 09:14 AM

කුමාර ඔබ එය පැවසුවේ 58 ලක්ෂයකට බව මම දනිමි. (නදී)

:       0       0

සුමනසිරි Wednesday, 29 July 2015 09:17 AM

දැන් අපිට ඇත්ත හොදට තේරෙනවා. අපි ක්‍රීඩක දරුවෙක්ගේ මරණය, මාද්‍ය නිලදාරියෙකුට පහරදීම මේ වගේ නොයෙකුත් අනේක අපරාද ගැන තොරතුරු ඒ කාලේ දැනගන්න විදිහක් තිබුනේ නැහැ.(නදී)

:       0       0

සේන Wednesday, 29 July 2015 09:49 AM

මෙහෙම ගියොත් ලක්ෂ 58 න් ලක්ෂ 8 ක් වත් ඉතුරු වෙයිද මන්දා. (බ)

:       0       0

හරින් Wednesday, 29 July 2015 10:18 AM

හා හා හා, කට්ටියක් ප්‍රකාශනයක් දැකල උඩගිහින් වගේ. තමන් කරපු වැඩ, කරන වැඩ හරියට කිව්වා නම් ඉවරයි නේ. කඩේ යන ගොඩක් අය ඉන්නවා වගේ. (නදී)

:       0       0

දහම් Wednesday, 29 July 2015 10:34 AM

18 වැනිදාට බලන්නකෝ 58 අඩු වෙලාද 62 2 වෙලාද කියා.(නදී)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 29 July 2015 04:35 PM

යූඇන්පී රජය කාලේ සිසුන්ගේ ඔලු වලට පරාල ඇන ගැහුවා අමතකද? (නදී)

:       0       0

ප්‍රකාශ් Wednesday, 29 July 2015 11:59 AM

ඔබලාගේ පක්ෂයත් පරම්පරාවත් විහිළු කාරයෝ බව නොදන්නවා වාගෙයි.(නදී)

:       0       0

නිමල් Wednesday, 29 July 2015 06:42 PM

ඔය කියන ඒවා පොරොන්දු විදිහට නැතුව යුතුකම් හැටියට අපේ දරුවන්ට ලබා දෙන්ට බොරු බේගල් ඇදබාල ජනතාව මුලා නොකර (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site