IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වාහන 51ක ලියාපදිංචිය - පැවරීම නවතයි

(රෝෂන් තුෂාර)

විවිධ පුද්ගලයින්ට අයත් මොන්ටේරෝ,ලන්ඩ් කෲසර්, මිනිකූපර්, වැනි අධි සුඛෝපභෝගී  වාහන පනස් එකක ලියාපදිංචිය වෙනස් කිරීම හෝ  පැවරීම වළකාලමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (05) නිකුත් කළේය.

මෙම සුඛෝපභෝගී වාහන රේගුවට හොර රහසේ ආනයනය කර රජයට රුපියල් කෝටි 500කට අධික බදු මුදලක් රජයට අහිමි කර ඇති බවට පවසමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ නඩු 51 සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග  නිකුත් කළේය.

මෙම සුඛෝපභෝගී රථ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කර ඇතැයිද අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කළේය.

කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ 2015 වසරෙන් පසුව මෙරටට අධි සුඛෝපභෝගී වාහන 178ක් මෙලෙස හොර රහසේ ආනයනය කර ඇති බවට  අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය කළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය.රුපියල් කෝටි තුනේ සිට රුපියල් කෝටි 06 අධික වටිනාකමින් යුත් මෙම වාහන හොර රහසේ ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුවී ඇති බවද පෙන්වා දුන්නේය.

මේ ලෙස රේගුවට හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන දෙකකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හා රජයේ නිලධාරීන් හත් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බවද සඳහන් කළාය.

මෙම සුඛෝපභෝගී වාහන 2015 හා 2019 වසර අතර කාලය තුළ  හොර රහසේ ගෙන්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත මකා දමමින් ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචිය සිදු කර ඇති අතර එලෙස ලියාපදිංචි කිරීමේදී 2005 වර්ෂයේ ආනයනය කළ බවට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ඇති බවද අදාළ පැමිණිලිවල සඳහන්වේ.

සුඛෝපභෝගී වාහනවල වත්මන් ලියාපදිංචි අයිතිකරු නම්කර  වටිනාකම සටහන් දළ ඇස්තමේන්තුවක් සහිතව නඩු පනස් එකක් ගොනුකර කොමිසම ඉදිරිපත් කළ  කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ රථ වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වමින්  නියෝග නිකුත් කළේය.



අදහස් (1)

වාහන 51ක ලියාපදිංචිය - පැවරීම නවතයි

Perera Saturday, 06 April 2024 01:38 AM

මිනි කූපර් එක සුඛෝපභෝගී එකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site