IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වාහන ඉල්ලා මන්ත්‍රීවරු 150ක් කතානායකට ලියති

(සුජිත් හේවාජුලිගේ)

තීරු බදු රහිත වාහන බලපත්‍රය  ඉදිරි මැතිවරණවලට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය පනහකට පමණ ආසන්න පිරිසකගේ අත්සනින්  යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගිය සතියේදී
බාරදී ඇත.

මෙම ලිපියට අත්සන් තබා ඇති පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්  මෙන්ම  කනිෂ්ඨ  මන්ත්‍රීවරුද  ඇතුළත් වෙති.

මේ සම්බන්ධයෙන් අප කතානායකවරයා මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්  ඊයේ (28)කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ලිපිය තමා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන බවයි.

මෙම  වාහන බලපතේ ගැටලුව විසඳීම තමාට තනිව තීරණය කළ හැකි කාරණයක් නොවේ යැයිද  ඔහු සඳහන් කළේය.

එසේම  මෙම කාරණය ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ගෘහකාරක සභා රැස්වීමේ න්‍යාය පත්‍රයටද ඇතුළත් කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය ඉල්ලීමේ යෝජනාව පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීද  සාකච්ඡා කර ඇත. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ  ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඊට විරුද්ධත්වය පළ කර ඇතැයි දැනගන්නට ඇත.

රට ආර්ථික වශයෙන් අගාධයක සිටින මොහොතක මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත්  සාමාන්‍ය රජයේ සේවකයන්ට ලබාදෙන ආකාරයේ වාහන බලපත්‍රයක් ලබාදීම පමණක් සලකා බැලිය හැකි බවත් මෙහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී තිබිණ.



අදහස් (13)

වාහන ඉල්ලා මන්ත්‍රීවරු 150ක් කතානායකට ලියති

ජයනාත් Monday, 29 April 2024 11:53 AM

අනාගතය දකින බුද්ධිමත් මන්ත්‍රී වරු . එයාල දන්නව ඊලඟ සැරේ පරදින බව. ඊට කලින් සුපිරි වාහනයක් ගන්න ට්‍රයි එක.

:       0       53

ජයනාත් Monday, 29 April 2024 11:53 AM

අනාගතය දකින බුද්ධිමත් මන්ත්‍රී වරු . එයාල දන්නව ඊලඟ සැරේ පරදින බව. ඊට කලින් සුපිරි වාහනයක් ගන්න ට්‍රයි එක.

:       0       27

Nimal Monday, 29 April 2024 12:02 PM

ඊළඟ පාර්ලිමේන්තුවේ මේ අය කවුරුවත් නැහැ

:       0       38

Kazi Shajahan Monday, 29 April 2024 12:15 PM

මේ පාලිමන්ට් එක ජනතාව පිළිගන්නේ නැහැ,ඒ නිසා කිසිම දෙයක් දෙන්න එපා අපේ බදු මුදල් වලින් ,අනික මේ වසර අවසානයේ පාලිමන්ට් එක විසිරුවනවා අනුර ජනාධිපති උනාම

:       4       36

ගජමිතුරු Monday, 29 April 2024 01:50 PM

අනාගත වෙන්න ජනාධිපති ඇතුළු පිරිසත් වාහන ඉල්ලීම කලාද කියන්න මොකද අපි ජනාධිපතිවරණය සදහා මනාපය දෙන්නෙ ඒවා ගැන සළකා බලාගෙන තමයි

:       1       6

අරවින්ද මොනරවිල Monday, 29 April 2024 12:30 PM

ඒ මන්ත්‍රීලාගේ නාම ලේඛනයත් ප්‍රසිද්ධ කෙරුවා නම් ජනතාවට පහසුවෙයි... ඊළඟ මැතිවරණයේදී තීන්දුවක් ගන්න...!

:       0       37

Wije Monday, 29 April 2024 12:34 PM

වරප්‍රසාද දීලා තක්කඩි රැකබලා ගන්න එකම රට ලංකාව...

:       0       30

randunu ekanayaka Monday, 29 April 2024 01:01 PM

පාලිත මහත්තයා ඊයේ පෙරේදා මලා .. ඒ මනුස්සයා ආදර්ශයට ගනු. කවදාවත් ඒ මනුස්සයා වී8 ඉල්ල ගත්තේ නෑ. මුන්ට රථ ගාය මොනවා කරලා ද මිනිස්සු වෙනුවෙන්.. ජනපති තුමනි මුන්ට අපේ බදු මුදල් වියදම් නොකරනු.. උන්ට වී8 නම් උන්ගේ මුදල් වලින් ගන්න කියන්න.. මේ මොන නාඩගමක්ද? මහජනයා දුක්විඳිනවා.

:       0       11

Marikkar Monday, 29 April 2024 01:12 PM

මේ හොර තක්කඩියන්ගේ නාම ලේඛනයත් මෙහා ප්‍රසිද්ධ කරන්න.

:       0       23

C.K.Lankaputhra Monday, 29 April 2024 02:45 PM

දුන්නොත් , දුන්න අය ගැනයි ගත්ත අය ගැනයි එන ඡන්දෙ දි අපි බලා ගන්නං.

:       0       5

DHARMATILEKE Monday, 29 April 2024 03:25 PM

මුන්ට බදු නැති බරකරත්ත දෙන්න

:       0       5

Warnasinghe Monday, 29 April 2024 04:30 PM

මේ අවස්ථාවේ වාහන බලපත් ලබා දීම මගින් ජනපති වීමේ R වික්‍රමසිංහ ගේ අවසන් සිහිනයද කුඩේ කුඩු කර දමනු ඇත

:       0       4

fairoos Monday, 29 April 2024 05:46 PM

ඕන දෙයක් කරගනිල්ලා .. මේ උඹලගේ අන්තිම ඡන්දේ... ඒකත් මතක තියාගත්තොත් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site