IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


වාහන ආනයනයේදී රජය පැන වූ කොන්දේසි නවය මෙන්න

(විමුක්ති එස් රුද්‍රිගු)

වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා අද(01) සිට බලපැවැත්වෙන පරිදි අදියර 3 යටතේ කොන්දේසි සහිතව ඉවත් කරනු ලැබූ අතර වාහන ආනයනය කිරීමේදී ඊට අදාළව කොන්දේසි 9 ක් රජය විසින් පනවනු ලැබ ඇත.

තෙවන අදියර යටතේ මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුම් මෝටර් රථ සඳහා වන ආනයන සීමා කොන්දේසි සහිතව අද(01) සිට ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(31) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර ඉන් පසුව වාහන ආනයනය කිරීමේදී පනවා ඇති කොන්දේසි 9 සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

1.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් සහ රාජ්‍ය ආයතන විසින් මින් පනවනු ලබන රෙගුලාසි වලට යටත්ව අවශ්‍ය වාහන ප්‍රමාණය ආනයනය කළ හැක.

2.ඉහත (i) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන්ට මාස දොළහක (12) කාලසීමාවක් තුළ එක් මෝටර් වාහනයක් (01) ආනයනය කළ හැක.

3.ආනයනය කරනු ලබන ඕනෑම මෝටර් වාහනයක් ගැනුම්කරුගේ නමට (ලියාපදිංචි ආනයනකරුවෙකුගෙන් මිලදී ගන්නා අවස්ථාවකදී) හෝ ආනයනකරුගේ නමට එකී මෝටර් වාහනයට අදාළ ආයාත බිල් පත්‍රයේ/රේගු සටහන් කරයේ (CUSDEC) දිනයේ සිට දින 90ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

4.මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා ආනයනකරු හෝ ගැනුම්කරු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විසින් නිකුත් කරනු ලබන බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් සමඟින් අනෙකුත් අවශ්‍ය සියලු ලේඛන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය. තවද, ඉහත (i) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන් විසින් සිය දෙවන වාහනය ආනයනය කිරීමේදී, තම ප්‍රථම වාහනය ආනයනය කළ දින සිට (රේගු සටහන් කරයේ දින සිට) මාස දොළහක කාලයක් ඇතුළත වෙනත් වාහනයක් ආනයනය නොකළ බවද එකී දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කළ යුතුය.

5.යම් ආනයනකරුවෙකු දින 90ක් ඇතුළත ආනයනික මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත්, එම මෝටර් වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේදී, මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් සියයට 45 ක උපරිම සීමාවකට යටත්ව, මාසිකව එම අගයෙන් සියයට 3 බැගින් අය කරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට එකී ආනයනකරුට සිදුවේ.

6.කිසිදු අවස්ථාවකදී, මාසික ප්‍රමාද ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් ගාස්තු අත්හැරීමක් ප්‍රධානය කරනු නොලැබේ.

7.මෝටර් වාහනේ වයස නිර්ණය කිරීමේදී, එකී මෝටර් වාහනේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ/ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතුය.

8.සහනදායී බදු අනු ප්‍රමාණ යටතේ මෝටර් වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර භාවිතා කරමින් කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා හෝ රේගුවෙන් නිදහස් කිරීම සඳහා අවසර ලබා දෙනු නොලැබේ.

9.දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් මෝටර් වාහනයක් ආනයනය කළහොත් එකී මෝටර් වාහනය (වාහන) රේගු සටහන් කරයේ දින 90ක් ඇතුළත අදාල ආනයනකරු විසින් ප්‍රති අපනයනය කරනු ලැබිය යුතුය.

 



අදහස් (1)

වාහන ආනයනයේදී රජය පැන වූ කොන්දේසි නවය මෙන්න

de silva Sunday, 02 February 2025 07:13 AM

පොඩි මනුස්සයාට ගමනක්, බිමනක් යන්න එන්ජින් ධාරිතාවෙන් අඩු පොඩි මරුටියක්වත්... පොඩි ස්කූටියක්වත් ගන්න බැරි නම් ඵලක් තිබෙනවාද? අලුතෙන් වාහන ගෙන්වන්න සල්ලි නැතිනම් තිබෙන එකක්වත් රෙපෙයාර් කරගෙන පදින්න. අමතර කොටස් වලට ගහන බද්ද 50%ක් වත් අඩු කරන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1638 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 560 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 643 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site