IMG-LOGO

වස විසට වැට බඳින්න රතන හිමි කැමැත්තෙන්

නව ආණ්ඩුවේදීද වස විසෙන් තොර ගොවිතැනක්,පරිසර හිතකාමී ආහාර රටාවක්,ජනතාවට නීරෝගී දිවිපෙවෙතක්, ලබාදීම වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමෙන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

ඒ සම්බන්ධයෙන් වන ව්‍යාපෘතියක් භාරගැනීමේ කැමැත්තෙන් සිටින බවද උන්වහන්සේ කීහ.

බලාපොරොත්තු වන්නේ එවැනි විෂයයක් පිළිඹඳ අමාත්‍යධූරයක්දැයි විමසූ අවස්ථාවේ,අමාත්‍යධූරයක් බලාපොරොත්තු නොවන නමුත් යම් වගකීමක් භාරදෙනු ඇතැයි විශ්වාස කරන බවත් එය පරිසර හිතකාමී වසවිසෙන් තොර ගොවිතැන පිළිඹද ව්‍යාපෘතියක් වන්නේ නම් ඉතා කැමැත්තෙන් එය භාරගන්නා බවත් උන්වහන්සේ පැවසූහ.



අදහස් (0)

වස විසට වැට බඳින්න රතන හිමි කැමැත්තෙන්

චතු Saturday, 29 August 2015 12:23 PM

ඔය අලුත් ආණ්ඩුවට කියන්න එළවලු වල ගණන් අඩුකරන්න කියලා.(නදී)

:       0       0

රොහාන් Friday, 28 August 2015 03:15 PM

එක කුප්පියක් තියා ගන්න්න. (අ)

:       0       0

විපුල Friday, 28 August 2015 03:35 PM

හොඳ වැඩපිළිවෙලක්.(හේ)

:       0       0

ආනන්ද Friday, 28 August 2015 03:55 PM

හොද අදහසක්,ලංකාවේ දරුවන්ටවත් වස විස නැතිව අනාගතයක් ලැබෙයි (හේ)

:       0       0

හැරිස් Friday, 28 August 2015 04:16 PM

මොකා මොනා කීවත් හාමුදුරුවනේ ඔය වැඩේ කරන්න බාරගන්න කියල මන් මුලින්ම ඉල්ලනවා ...පට්ටම මොකක් උනත් බාර ගන්න ඇමති හරි අධයක්ෂක හරි කමක් නෑ මේ රටේ මිනිස්සුන්ට දැන් ලෙඩ වැඩි කෑම නිසා වෙන බෙහෙත් වලින් නෙමේ අපේ අතීත මිනිස්සු කෑවේ අපේම අල වර්ග කොළවර්ග ගෙඩිවර්ග ඒවාට රසායනික ගැහුවේ නෑ. එ්වා ගහල සත්තු මරන්න තරම් ඒ ඉඩමට සත්තු ආවේත් නෑ. අද කෘෂිකර්මය හොඳයි. එ්ත් තාම අපිට රට පුරාවටම ගුණාත්මක එළවළු පලතුරු නෑ. අනික සුද්ද අපිට දීපු ඉලව්වක් නැහැනේ. අපේ ඉඩම් ටික විනාශ කරලා තව ප්‍රශ්ණ මිසක්. (නදී)

:       0       0

ජයසේන Friday, 28 August 2015 05:06 PM

පිලට කුප්පියක් තියන්න. (නදී)

:       0       0

සේපාලි Friday, 28 August 2015 05:13 PM

මහජනයාගේ බඩ හා නිරෝගී භාවය ගැන සිතන මේ අදහස වැටුපක් නොලබන ස්වේච්ඡාවෙන් කරන සත් ක්‍රියාවක් ලෙසින් ගණන් ගැනීම වරදක් නොවෙයි නේද අවසර.?(නදී)

:       0       0

බණ්ඩාර Saturday, 29 August 2015 02:56 AM

ගොඩක් හොද අදහසක් මේ රට මෙහෙමවත් තියෙන්නේ ඔබවහන්සේලාට පින්සිදුවෙන්න. (අ)

:       0       0

රුවන් Saturday, 29 August 2015 03:17 AM

තනිවම නිවන් පුරනාවට වැඩිය සමාජයේ සිටින මිනිසුන්ගේ අධියත්මය වරුණ ගොන්කත නොකියව. හොද දෙය අගය කිරීමත් වැරදි දෙය විවේචනය කිරීමටත් ඉගෙන ගන්න. සමාජ සහ සංස්කෘතික දියුණුවට යහපත් චේතනාව පෙරදැරි කරගෙන කටයුතු කිරීම තනිවම නිවන් මගට යාමට වඩා පහසුවෙන් සහ කලින් නිවන් මගට යාමට පුළුවන. බුදුහමුදුරුවොත් ආත්මාර්ථකාමී ලෙස කටයුතු කර තනියම පරිනිවනට ගියේ නම් මේ ලෝකයේ කිසිම බෞධයෙක් දක්නට නොලැබේ. (අ)

:       0       0

සිසිර Friday, 28 August 2015 09:47 AM

තවත් අමතිකමක්ද? අනේ මන්ද මොනවා වනවාද කියල (අ)

:       0       0

සිරි Saturday, 29 August 2015 05:04 AM

අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කලින් පටන් ගත් ව්‍යපෘති වල ප්‍රගතිය ගැන ඊට කලින් ජනතාව දැනුවත් කළා නම් හොඳ නැද්ද. (නදී)

:       0       0

රෝහණ Saturday, 29 August 2015 05:24 AM

පින් මදි වෙන්නැති තවමත් සංසාරේ! (නදී)

:       0       0

අජිත් Saturday, 29 August 2015 05:27 AM

දැන් බැංකු කතාව ඉවරද? (නදී)

:       0       0

බංඩාර Saturday, 29 August 2015 06:40 AM

මතක තියාගන්න යාලුවනේ එදා මේද තුර මේ රටට කරදරයක් වුනු හැම අවස්ථාවක දීම දිවි පරදුවට තබා මේ රට බේරා ගන්න ඉදිරියට ආවේ හාමුදුරුවරු (නදී)

:       0       0

ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු Friday, 28 August 2015 11:29 AM

සුද්දන්ගේ ආර්ථික රටාවට කැමති වෙලා සුද්දට ඕන විදියට ඔක්කොම කරමින් ඔබ වහන්සේ හිතනවද සුද්ද ඕන විදියට ලංකාවේ කෑම කන්න දේවි කියලා. (නදී)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 29 August 2015 07:39 AM

හාමුදුරුවනේ, ඔය යන ගමනේදී මතක් උනොත් ධර්ම රාජ්‍ය පිළිබඳවත් සිතක් පහල උනොත්, නැතිවීගෙන යන වෙහෙර විහාර ටිකත් නගා සිටුවන්න කෙටි කාලයක් හරි මිඩංගු කලොත්, තව ටික කලක් සම්බුද්ධ සාසනය රැකේවි (නදී)

:       0       0

ඉන්දික ගාලේවත්ත Friday, 28 August 2015 01:01 PM

මේ වැඩේට ඇමති තුනතුරක් දුන්නත් කමක් නෑ..කාලෝචිත ක්‍රියාවක්..අපිත් ඔබ වහන්සේට සහයෝගය ලබාදෙනවා..මේ වෙනුවෙන් අධිකාරියක් පිහිටුවා උන් වහන්සේට එහි අධ්‍යක්ෂ ධූරය දීමත් වැදගත් (අ)

:       0       0

වරුණ Friday, 28 August 2015 01:29 PM

චීවරය දරාගෙන පාර්ලිමේන්තු එන්නේ මොනාට ද ? පන්සලට වෙලා දහම හදාරා නිවනට යන්න නැතුව කාමසුකල්ලිකානු යෝගය ගත කරන හාමුදුරුවරුනට සුදුසු නෑ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site