(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වීසා බලපත්‍ර නොමැතිව මරදාන ටෙක්නිකල් හන්දිය ගොඩනැගිල්ලක රැඳී සිටි විදේශීය ජාතිකයන් 21 දෙනකු අත්අඩංගුවට ගත් බවත් නාරහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
එම සැකකරුවන් අතර චීන ජාතිකයන් 12 කු , බංගලාදේශ ජාතිකයන් 06කු හා ඉන්දීය ජාතිකයන් 03 කු වන බව පොලිසිය සඳහන් කරයි.
පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට ලද තොරතුරුකොට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක්අනුව එම වැටලීම සිදුකර ඇත.
අඩංගුවට ගත් සියලුම සැකකරුවන් පිරිමි පුද්ගලයන් බව පොලිසිය කියයි.
සැකකරුවන්ට මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
නාරහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනෙ රැදී සිටින සියලු විදේශිකයන් ගැන පරීක්ශාවෙන් සිටිය යුතුමයි. මෙ අය නොයෙකුත් දුශ්‍ර, අත්තනෝමතික ක්‍රියා වලට සම්බන්ද අපරාදකරුවන් විය හැකියි. ගාල්ල ප්‍රදේශයෙ සිටින රුසියානු ජාතිකයන්, මෙරටට විදෙස් විනිමය අහිමි කරමින්, සංචාරක ව්‍යාපාරයෙ නියැලෙන අනීතිකව, මෙයට ආගමන/විගමන නිලධාරීන් සම්බන්ද ඇති. නැතිනම්, මෙයාල දීර්ග කාලීනව මෙරට රැඳීසිටිමින්, අනීතිකව මෙවනි කටයුතුවල නියැලෙන්නෙ කෙසේද?