(සුජිත් හේවාජුලිගේ )
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරුණු වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර කඹ ඇදීමක් හටගෙන තිබෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ එම කාලය වසර හතර හමාරක් දක්වා දීර්ඝ විය යුතු බවයි.
එහෙත් සමගි ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ පාර්ශ්වය වසර දෙකහමාරකට කැමැත්ත පළ කර ඇති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අප අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම කාල සීමාව සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්වයක් පවතින බවයි.
එය නිරවුල් කර ගැනීමට සාකච්ඡා පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමේ බලය විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටද ඇතුළත් වූවකි.
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
එම පනත් කෙටුම්පත නුදුරේදීම විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විසි දෙකට කඹ ඇදිල්ලක්
Perera Tuesday, 16 August 2022 07:53 AM
පොහොට්ටුවේ හොරුන්ට චන්දයක් කල්දාන තරමට උන්ගේ පැවැත්මට හොඳයි
sharm warn Tuesday, 16 August 2022 09:25 AM
මොකක්? අවුරුඩු 4 1/2ක්?? එතකොට ඇතිද? ඒකද මහ ලොකු ප්‍රජතන්ත්‍රවාදෙ? කේ මෙ අරගලයට කුනුහරප කියපු අය? ඔබට සතුටුයි ද දැන්? අරගලය ට ඔබෙ දායකත්වය නොදුන්න එකේ විපාක තමයි මෙ කියල මතක තියා ගන්න..
sam Tuesday, 16 August 2022 10:29 AM
හරිනම් වහාම ඡන්දයක් තිබිය යුතුයි. නැත්නම් මේ රාජපක්ෂ හොරු සහ උන්ගෙ හෙංචයිල රට විනාස කරනවා.
de silva Tuesday, 16 August 2022 11:15 AM
අනිවාර්යයෙන් මෙතනදි හොරු 134 දෙනා චන්දෙ දෙන්නෙ අවුරුදු 4 1/2 එකට. ඩල්ස් පාර්ශවය කියල එකක් නැත. ඩල්ස් පාර්ශවය යනු බොරු උප්පර වට්ටියකි, ඩල්ස් චන්දෙ දීල තිබෙන්නෙත් රනිල්ට.
fairoos Tuesday, 16 August 2022 12:45 PM
22 නෙවෙයි 23 ගෙනාවත් වැඩක් නැහැ. තවත් අවුරුදු 2ක් මේ ආන්ඩුව රට කාල තමයි ගෙදර යන්නෙ.
de silva Tuesday, 16 August 2022 04:11 PM
ලබන මාර්තු මාසෙ ඡන්දයක් තියලා අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගන්න එක කාගෙ කාගේත් ඇඟට ගුණයි. අවුරුදු 4 1/2 තියා එක අවුරුද්දක්වත් මිනිස්සු ඉවසන්නේ නැහැ. ඔක්කොම කොළඹ ඇවිත් හොරු සියලු දෙනාම අල්ලගෙන පරසක්වල ගලේ ගහලා මුහුදට විදිකරාවි.