IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වීසා ක්‍රමවේදය සරල කරයි

(අංජුල මහික වීරරත්න)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරන වීසා ක්‍රමවේදය සරල කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත සහ ඒ යටතේ නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසි වලට අනුකූලව මෙරටට පැමිණෙන විදේශිකයන් හට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා වශයෙන් වීසා වර්ග තුනක් නිකුත් කරනු ලබයි.

පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා වර්ග දෙක යටතේ නිකුත් කරනු ලබන වීසා කාණ්ඩයන්ගේ පවතින සංකීර්ණතා සැලකිල්ලට ගෙන වැඩි විදේශීය ආකර්ෂණයක් පවතින රටවල ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදයන් සලකා බලා  මෙරට ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරන ලැබ ඇතැයි රජය පවසයි.

ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



අදහස් (0)

වීසා ක්‍රමවේදය සරල කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site