
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අධික වර්ෂාවත් සමග අදත් ප්‍රදේශ රැසක මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මරදාන දුම්රිය ස්ථානය ජලයෙන් යටවීම නිසා විදුලි සංඥා බිඳ වැටීමෙන් දුම්රිය රැසක් ප්‍රමාද වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මීරිගම දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මීරිගම දුම්රිය හරස් මාර්ගය අසල සිට නාල්ල පාර හන්දිය දක්වා කොටස ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අඩි දෙකක් පමණ උසට ජල කද එක් රැස්වීමෙන් වාහන ගමනාගමනය ඇන හිටි අතර වෙළඳ ආයතන රැසකට මෙම ජලය ගලා යාමෙන් හානි සිදු වී තිබේ.
මුගුරු ගම්පොළ ප්‍රදේශයේ නිවාස කිහිපයකට ද මෙම ජල ගැල්මෙන් හානි සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී තිබිණ.
කොළඹ - මහනුවර මාර්ගයට නෙළුන්දෙනිය ප්‍රදෙශයෙන් ගසක් කඩා වැටීම නිසා ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල විය.

2025 දෙසැම්බර් මස 16
105
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
910
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැස්ස දුම්රිය රැසක් ප්‍රමාද කරයි:නගර රැසක් ජලයෙන් යටවේ
මොට්ටපාල Tuesday, 07 November 2023 07:20 PM
යුද්ධය නැතිවුණාම මාර්ග සංවර්ධනය උපරිමයෙන් කොරන්න ගත්තා... ඒත් ඒවා හදද්දී බෝක්කු පාලම් කාණු ගැන කිසිම තැකීමක් කලේ නැහැ... වඳුරෙක් ගසක අත්තක් සෙලෙව්වත් පාරවල් වතුරෙන් යටවෙනවා.. පාරවල් කාපට් කළාට කාණු කිසිවක් නැහැ.. බෝක්කු හදන්නේ නැහැ.. පාරවල් අයිනේ ගොඩනැගිලි හිමියන් කාණු වහලා දාන්නේ පළාත් පාලන ආයතන නිලධාරින්ට පෙනි පෙනී තමයි.. මම උදාහරණයක් කියන්නේ කැමැති කෙනෙක් 122 මාර්ගයේ (බන්දුල ඇමතිතුමා රජකම් කරන) හෝමාගම නගරයේ පොද වැස්සකට වත් යන්න වෙන්නේ වතුරේ තමයි වැස්ස වැඩිවුනොත් ඔරුවක් පාරුවක් අවශ්‍ය වෙනවා මාකුඹුරේ බහුකාර්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ වැස්සක් වෙලාවේ ඉන්න බැහැ තෙමෙනවා.. ලංකාවේ ඉන්නෙ හරි අපූරු සැලසුම් කාරයෝ කියන්න පුළුවන්... එනිසා ඉදිරියේවත් මාර්ග හදනවා නම් සැලසුම්කරුවන්ට නැත්නම් ඉංජිනේරුවන්ට උපදෙස් දෙන්න මාර්ග සැලසුම් කරද්දී වතුර බැසයාමටත් ක්‍රමයක් හදන්න කියලා... කාණු හැදුවත් කාර්පට් ඇතිරීමට ඉහළින් කාණු හදලත් වැඩක් නම් නැහැ කියලා මතක් කරනවා..
Nimal Wednesday, 08 November 2023 02:33 PM
අවුරුද් 75ක් තිස්සේ වුණු ජරාජීර්ණ දේශපාලකයන්ගේ දායාදය තමයි මේක... හරිම කණගාටුයි...!